සාමාන්‍ය දුප්පත් පවුලක ඉපිද දේශපාලනය ඇරඹි ඊජිප්තුවේ හොස්නි මුබාරක් අවසානයේ ඩොලර් බිලියන 40 කට වඩා ධනසම්පත්තියක් හිමි අයෙකුව සිටියේය. එමෙන්ම ඔහු ඉදිරිපත්වු සෑම මැතිවරණයකින්ම අතිබහුතරයක් සහිතව ජයග්‍රහණය කරන ලදී. නමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි කොළු කුරුට්ටන් පිරිසක් එක්වී කළ විරෝධතාවයක් තුලින් මුබාරක්ගේ මහා ප්‍රතිරූපය විනාශ කර ඔහුව බලයෙන් පහකරන ලදී. මුබාරක්ගේ ජීවිතයෙන් අපේ රටේ නායකයන්ද උගතයුතු කරුණු බොහෝය. Continue reading
Tag Archives: ප්රජාතන්ත්රවාදය
ඊනියා බෞද්ධ පුනරුදය සහ පපට්තන්ත්‍රවාදය
අද ලංකාව තුල යන්නේ අමුතුම ගේම් එකක් හලාල් ගැන පණ යනකම් කෑ ගැහුව ඥානසාර කියන්නේ තමන් දැන් ඒක ගෝඨාභයට බාර දී තිබෙන නිසා කිසිවක් නොපවසන බවයි. ඒ කියන්නේ හලාල් වලට විරුද්ධ ඔහු ගෝඨා නිසා දැන් හලාල් කන බවයි. අනෙක් පැත්තෙන් රවුෆ් හකීම් රජයට බැන්නද රජයෙන් ඉවත් වෙන්නේ නැහැ. මේ සියල්ල පසුපස ආන්ඩුව සිටින බව ප්‍රකාශ කරමින් ඔහු ආන්ඩුවෙම සිටිනවා. මම ප්‍රකාශ කරන්නේ ඥානසාර සහ හකීම් යන දෙදෙනාම මේ ආන්ඩුව තුල සිටින රූකඩ Puppet දෙකක් පමණක් බවයි. Continue reading
ෂරියාව යනු කුමක්ද?
ෂරියාව යනු කුමක්ද? ෂරියාව යනු දරුණු නීති මාලාවක්ද? ෂරියාවට අද ලොව විරුද්ධ වන්නේ ඇයි? ෂරියාවක් නැතිව ඉස්ලාමයක් නැත්ද? යන මෙකී නොකී ප්‍රශ්න රැසක් අද ලොව ජනතාව තුල ජනිත වී ඇත. ඇත්තටම ෂරියාව ගැන මෙතරම් කලබගෑනියක් ඇයි? ඔබ කිසි දිනක සිතුවාද? මම අද ෂරියාව ගැන ලියන්නට සිතුවේ මේ කරුණු ගැන ඔබට විස්තර කරදීමටයි. Continue reading
මුස්ලිම් වරුන්ට විශේෂ ෂරියාවක් කුමටද?
ෂරියාව යනු අල්ලාහ් දෙවියන් විසින් මිනිසාට පිරිනමන ලද සම්පුර්ණ ජිවන ක්‍රමයකි. මුස්ලිම් වරුන් මේ ආගමික නීති පිලිපදින්නේ හුදෙක් එය නීතියක් නිසාම නොව එම ජිවන ක්‍රමය ආනිශංස සමග බැඳී ඇති නිසාය. ස්වර්ගය හෝ නරකාදිය තීරණය වෙන්නෙත් මේ නීති නිසියාකාරව පිළිපැදීම හෝ එය කඩකිරීම මතය. මෙය සාමාන්‍ය නීතියේ දක්නට නොලැබෙන අවස්ථාවකි. Continue reading
බටහිරය ඉස්ලාමය පිළිකුල් කරන්නේ ඇයි? – Why West Hates Islam?
අද අප ජීවත්වන්නේ ‘ශිෂ්ටාචාරයේ උච්ච්තම අවධිය’ යැයි හැඳින්වෙන 21 වන සියවසයෙහිය. මේ සියවසේ වඩාත් ප්‍රබල මතවාදය වී ඇත්තේ ‘ලොකෝත්තරවාදයයි (Secularism)’ එහි අර්ථය සැකෙවින් ගත් කල ආගම හා රාජ්‍ය වෙන් කිරීම යන්න වේ. එනම් අධ්‍යාත්මයෙන් තොර වූ සමාජ ක්‍රමයක් බිහි කිරීම වේ. වචනයේ පර්සමාප්තියෙන්ම මෙකී වාදය තුල ආගම්වලට කිසිඳු වැදගත් කාර්යභාරයක් නොමැති අතර එය හුදෙක්ම සීමා වනුයේ දේවස්ථානය තුලම පමණක් වේ. Continue reading
අපක්ෂපාතී වීමේ සුවය
අපේ රටේ ජනතාවගෙන් බහුතරය දේශපාලනිකව එක් එක් මතයක සිරවී සිටින අයයි. මේ අයගෙන් බහුතරය යු.එන්.පී, ශ්‍රී ලාංකා, පැරණි වාමාවාදී හෝ ජවිපෙ යන කොටස් වල මතවාදීව සිරව සිටිති. ඔවුන්ගේ අභිලාශය ඉහත සඳහන් කන්ඩායම් අතුරින් තමන්ට රිසි කන්ඩායම බලයට ගෙන ඒමයි. මෙහිදී තමන්ට රිසි කන්ඩායම බලයේ සිටියද සිතට සැනසුමක් ඇති වන්නේ නැත. එයට හේතුව බලයට පැමිණි පාර්ශවයන් විසින් කරන්නාවු අනුවණ ක්‍රියා අනෙක් පාර්ශවයන් විසින් දැඩිසේ විවේචනය කිරීමයි. මේ සෑම පාර්ශවයකම තිබෙන අඩුපාඩුන් අනෙක් පාර්ශවයන් විසින් විවේචනය කරන කල ඉන් වඩාත්ම සිත් වේදනාවට පත්වන්නේ ඔවුන්ට පක්ෂපාත අයවළුන්ය. Continue reading
රැහැයියකු නොවී එහෙයියෙකු වන්නැ
රැහැයියා වනාහී කුඩා සතෙකු වුවදැ නගන්නේ අමිරිහිරි හඬක්මයැ. එහෙයියෙකු නොවන්නාදැ එසේමයැ. කිනම් ස්වරයකින් හඬක් නගන්නේදැ ඒ අමිහිරි හඬක්මැ වන්නේයැ. නමුත් එහෙයියා එසේ නොවේයැ. නුගුණ/ දුගුණ දක්නේ වී නමුදු වයන්නේමැ ගුණමයැ. Continue reading
දේශපාලනය දුෂ්‍ය කරන දුෂිත ඡන්දදායකයන්
පසුගිය දිනෙක අපේ රටේ දේශපාලඥයෙක් විසින් ඉතා වැදගත් ප්‍රකාශයක් කරන ලදී. එනම් දුෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාව බවයි. දේශපාලනඥයෙක් වුවද ඔහු කළ ප්‍රගකාශය සැබෑවක් බව මගේ අදහසයි. මේ රටේ සිටින දුෂිත පුද්ගලයන්, වංචා කාරයන්, ජාවාරම් කාරයන්, මැරයන් ඇතුළු සියළුම විෂමාචාරීන් පාර්ලිමේන්තුව සහ දේශපාලනය වෙතට ගෙන ඒම පිළිබඳව සම්පුර්ණ වැරදි කරුවා මෙරට ඡන්දදායකයාය. ජනතාව විසින් බුද්ධිමත්ව සිය ඡන්දයෙන් නිසි පුද්ගලයන් පමණක් බලයට පත්කළා නම් අද අපේ රටේ දේශපාලනය ඉතාමත් පුජනීය තත්වයක තිබෙනු ඇත. Continue reading




