ටිබෙටයේ අධ්‍යාත්මික බෞද්ධ නායකයා වන දලෙයි ලාමා, පසුගිය අට වැනිදා ඇමෙරිකාවේ මේරිලන්ද විශ්වවිද්‍යාලයෙදී (University of Maryland) කල දේශනයකදී බෞද්ධ බෙදුම්වාදී ගැටුම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. එම දේශනය සඳහා පසළොස් දහසක පමණ ප්‍රමාණයක් සභාගත වූහ. Continue reading
Tag Archives: බුදු දහම
බුරුමයේ සිදුවන්නේ කුමක්‌ද? චතුර පමුණුවගේ දිවයින ලිපිය විමසුමක් කරමු!
හිතවත් පාඨකය! චතුර පමුණුව නම්වු ලේඛකයා විසින් දිවයින පුවත් පතෙහි බුරුමයේ සිදුවන්නේ කුමක්ද? යන උදෘතයෙන් ලිපියක් ලියා ඇත. එම ලිපිය සම්පුර්ණයෙන් පහත පලකරමි. ඒ ගැන මා විමසුමක් කිරීමට වඩා පාඨක ඔබගේ ප්‍රතිචාර තුලින් පාඨක විමසුමක් කිරීමට ඉටා ගත්තෙමි. මෙම ලිපිය කියවා ප්‍රතිචාර වශයෙන් ඔබගේ අදහස් පලකරන්න. Continue reading
අයාලේ ගිය භික්ෂූන්
මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම් හිංසාවක් සහ අමානුෂික හිරිහැරයක් පැවතිය හැක්කේ කෙසේ ද යන්නයි. Continue reading
දුසිල්වත් චීවරධාරීන්ගෙන් අන්‍යාගමිකයන්ට වන හිංසා
පැපිලියාන – ෆැෂන් බග් ආයතනයට පහර දීමේ සිද්ධියේදී එහි තිබු සී.සී.ටී.වී කැමරා පද්ධතියට ගල් පහර දෙන චීවරධාරියා කවුද? ඇත්තටම ඔහු කළේ බුදු දහමට සහ බෞද්ධ ජනතාවට නිගාවක් පරිදි හැසිරීම නොවේද? මෙවැනි අය ඇත්තටම බෞද්ධයන්ද? මේ ගැන කවුරුත් සිතුවාදැයි මා නොදනිමි. අද බෞද්ධ සමාජය තුල මෙවැනි ඊනියා බෞද්ධ භික්ෂුන් රැසක් සිටින බවත් ඔවුන් බුදු දහමට මෙන්ම ශාසනයටත් අපහාසයක් බවත් බහුතර ජනතාව තේරුම් ගත යුතුය. Continue reading
වෙස්වලා ගත් ආශිර්වාදය
අද ලංකාව තුල සියළුම මාධ්‍යයන් මගින් ඉස්ලාමයට අපහාස එල්ල වන්නේය. ඒ නිසා සෑම තැනම ඉස්ලාමය ගැන සහ මුස්ලිම් වරුන් ගැන සාකච්ඡා, සංවාද සහ විවාද ඇති වන බව පෙනේ. මෙයින් ඉස්ලාමයට දීර්ඝකාලීණ අසාධාරණයක් සිදු වන්නේද? මගේ අදහස නම් සිදුව තිබෙන්නේ දීර්ඝ කාලීණ ලාභයකි. මෙම ලිපියෙන් මා පෙන්වා දෙන්නේ එයට හේතූන්ය. Continue reading
බොදු බල සේනා බඳු සංවිධාන පිළිබඳව ඉස්ලාමිකයෙකුගේ දැක්ම
ක්‍රි.ව. 236 දී ධර්මාසෝක රජුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජු සමයේ බුදු දහම ලක්බිමට ගෙන ආ වග ඉතිහාසය අපට උගන්වයි. ලොව අන් කිසි දහමකට නොලැබුණු සුවිශේෂත්වයක් බුදු දහමට ලැබෙන්නේ ගෙන එනු ලැබූ දින සිටම ශ්‍රී ලංකාවේ එය රාජ්‍යය දහම බවට පත්වීම හේතුවෙනි. මෙවැනි තත්වයක් දහමක් පිළිබඳව ලොව කිසිම රටකින් වාර්තා වන්නේදැයි මම නොසිතමි. Continue reading
මුස්ලිම් වෙලඳුන් අටපිරිකර විකිණීම විමසුමක්!
මට මුණුපොතෙන් පෝස්ටරයක් පැමිණියා එහි සඳහන් වුයේ මුස්ලිම් කඩවලින් අටපිරිකර ගන්න එපාලු. පන්සල් වලට යන මුස්ලිම් වෙලඳුන් රුපියල් 800 කට මිලදී ගන්නා අටපිරිකර නැවත බෞද්ධයන්ට විකුණන්නේ 2500 ක් වැනි මුදලකටලු. මෙය කියවු මා තෘෂ්ණිම්භූත විය. එයට හේතුව මේ මුස්ලිම් වෙලඳුන්ට රුපියල් 800 කට අටපිරිකර විකුණන්නේ කවුරුන්ද? යන්නයි. Continue reading
බුදු දහමට අපහාස කරනවා! බලන්න එපා! ඒත් බලන්න ¿¿¿
“මෙන්න බුද්ධාගමට අපහාස කරනවා, මේ pages block කරන්න, යාළුවන්ටත් share කරන්න Block කරන්න කියලා”, “බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා. මුන්ට හෙණ ගහපිය, Share කරන්න” ලෙස සඳහන් කරමින් බුද්ධාගමට හා බුදුහාමුදුරුවන්ට ඉතා පහත් අන්දමින් අපහාස කරන Facebook Pages වලට හා වෙබ් පිටුවලට Links සඳහන් පින්තුර මේ දිනවල Facebook එකේ විශාල ලෙස share වෙමින් පවතී. බෞද්ධයන්ව බෞද්ධයන් ලවාම කුපිත කිරීමේ මෙම උපාය මාර්ගය පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පසුබිම මඳක් විග්‍රහ කිරීමට කැමැත්තෙමි. Continue reading
බහුභාර්යා විවාහය පිලිබඳව විග්‍රහයක්
නුතන සමාජය තුල කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි බහුභාර්යා විවාහය ඉස්ලාමය අනුමත කර ඇත්තේ ඇයි? මෙය අද බොහෝ මුස්ලිම් නොවන අයට තිබෙන ගැටළුවකි. ආගම්බේධවාදීන්ද ඉස්ලාමයට පහර ගැසීමේ නියායෙන් මේ ගැන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරති. අබු ෆාතිමාගේ මෙම විග්‍රහයෙන් බලාපොරොත්තු වන්නේ එම චෝදනාවන්හි යථාර්තය පැහැදිලි කිරීමයි. – සංස්කාරක Continue reading
ශාසනයේ කඳ පනුවෝ!! සිල්වත් බෞද්ධයිනි අවධි වන්න!!!
දසක කිහිපයක් තුල ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දෑ පිළිබඳව ආවර්ජනය කර බැලු විට බුදු සසුන වැනසීමේ ක්‍රියාවලියක් සසුන තුලින්ම ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන සාධකයකි. පසු ගිය සියවසේ ද්‍රවිඩ විරෝදයට මුලිකත්වය ගෙන කටයුතුකළ සංඝ පරපුර එම සියවසේ අවසාන භාගයේ ඇතිවූ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ නිර්මාතෘන් තමන් වහන්සේලා බව නොසිතන්නට ඇත. Continue reading
ආගමික හා වාර්ගික අන්තවාදය හෙළා දකිමු!
මධ්‍යස්ත බෞද්ධ විද්වතෙකුගේ විශ්ලේෂණාත්මක විමසුමකි. මෙම ලිපිය සම්පුර්ණයෙන්ම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසින් අපගේ ලිපියකට එවු ප්‍රතිචාරයකි. එම ප්‍රතිචාරයේ අදහස් වල ඇති වැදගත් බව දුටු නිසා මෙසේ ලිපියක් ලෙස පලකරමු. Continue reading
බුදු දහම හා සමාජ සහජීවනය
අසත්‍ය තොරතුරු වෙබ් අඩවිවල පළකරමින් හා බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන ක්‍රියාකරුවන් ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට එරෙහිව නින්දා සහගත ලෙස ප්‍රචාරයේ යෙදී සිටින ඊනියා බෞද්ධ හා සිංහල දේශප්‍රේමීන්ට බුදුන් වහන්සේගේ අලංකාර සමාජ සහජීවන ඉගැන්වීම් ගැන ඇති තොරතුරු වලින් බිඳක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. Continue reading
හලාල් සංකල්පය පිලිබඳ සමාලෝචනයක්
අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි. එහෙයින් මෙම කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. Continue reading
බුදු දහම සමග දෙමළ ජනයාගේ නෑකම – වික්‍රමබාහු කරුණාරත්න
එදා වගේ නෙමෙයි අද දැන් ජාතිවාදී, බලය බෙදිමට විරුද්ධවූ උදවිය ඉන්නේ බලය අතේ තියාගෙන. ඒ ඇත්තෝ කථාකරන්නේ අස්ගිරි – මල්වතු මහ නා හිමිවරුන්ට. එදා ගල්කටස්වලින් පළාත්සභා වලට විරුද්ධව මිනී මරපු අය පූජා වට්ටි පුරවගෙන මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරුන්ට තමන්ගේ දුක කියන්න යනව 13 කියන්නේ නරක ඉලක්කමක් එයින් වෙන්නේ විනාශයක් කියල අද්භූත කතන්දර ගොතල කියල උන්වහන්සේලාගෙන් වචනයක් ගන්නවා මාධ්‍යවලට දාන්න. Continue reading
පන්සිය පනස් ජාතක විචාරය
කර්මය පිළිබද බෞද්ධ විද්වතෙකුගේ මතයක් යන ලිපියට ප්‍රතිචාර දැක්වු අයට අබු ෆාතිමා සහෝදරයා පිළිතුරු සපයා ඇත. මෙම ලිපිය තුලින් @ Hemantha, @ Kasun, @ Ajward, @ මහා කළු සිංහලයා, @ දෙව් යන අයට පිළිතුරු සපයා ඇත. එය පන්සිය පනස් ජාතක විචාරය නමින් ලිපියක් ලෙස මෙසේ පලකරමි. Continue reading
ආදායමට වඩා වියදම වැඩිවන්නේ අනුකරණය නිසයි
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ පීඨාධිපතිමහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි
කොපමණ මුදල් හරිහම්බ කළත් කිසිදු ඉතිරියක් නැති බව මේ සමාජයේ වැඩි දෙනා ගේ අදහස ය. Continue reading
බංගලාදේශ අන්තවාදයට එරෙහිව පැවති බොදුබලසේනාවේ උද්ඝෝෂණය ගැන විමසුමක්!
ඊයේ එනම් ඔක්තෝබර් 4 වැනිදා කොලඹදී මැච් දෙකක් තිබුණි. එකක් ලංකාව සහ පකිස්ථානය අතර 20 යි 20 ක්‍රිකට් තරඟයයි. අනෙක නම් බංගලාදේශ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බොදුනුවන්ට සිදුවු හිරිහැර සම්බන්ධව බොදුබලසේනා සංවිධානය විසින් පැවැත්වු උද්ඝෝෂණයයි. Continue reading
බුදුන් වහන්සේ අද වැඩ වසන්නේ නම් බිලි පුජාවට කුමක් කරයිද?
බුදුන් දවස බ්‍රාහ්මණ දහම අනුගමනය කළවුන් අතර අද මෙන්ම බිලි පුජා පැවති බවට උපුටාගත් සාක්ෂි පහතින් උපුටා දක්වා ඇත්තෙමු. උද්වේගකාරී නොවන්නේ නම් මෙහි සත්‍යය අසත්‍යය තාවය ඔබටම විමසා සහතික කරගත හැක. මෙහි සඳහන් ඉංග්‍රීසි කොටස උපුටා ගැනීමේ සිංහලට පරිවර්තනය නොකළේ එය ඉතා සරල බසින් පැහැදිලිව සඳහන් ව ඇති හෙයිනි. Continue reading
බුදු දහම විමසුම ගැන බොදුනුවෙකුගේ මතයක්!
අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ වෙනස්කම් කිහිපයක් කරන බව මම කලින් ඔබට දන්වා සිටියෙමි. එයින් එක් පියවරක් ලෙස පාඨකයන්ගේ ලිපිද පලකිරීමට අවස්ථාවක් ලබා දුනිමි. මෙහිදී මා විසින් අවස්ථාව දෙන්නේ මුස්ලිම් වරුන්ට පමණක් බව බොහෝ දෙනෙකු සිතන්නට පුළුවන. අපගේ පාඨක KHL ගේ ප්‍රතිචාරය ලිපියක් ලෙස පලකරන්නට තීරණය කළේ එම අදහස බිඳලන්නටය. Continue reading
අන්තවාදයේ සැබෑ මුහුණුවර
අන්තවාදය යනු අද සමාජයේ විවිධ කොට්ඨාශ අතර දකින්නට ලැබෙන සංසිද්ධියකි. එය ඇත්තටම පිළිකාවකි. පිළිකාවක් ආරම්භ වන්නේ කුඩා කොටසකින් නමුත් ඉන් මුළු ශරීරයම ඔඩුදුවා රෝගී වෙයි. අන්තවාදයද එවැන්නකි. කාලීන වශයෙන් එය හඳුනාගෙන එයට වැට බැඳිය යුතුය. Continue reading
පංසලේ සලාතය කළ නිසා මුස්ලිම් පල්ලියේ පිරිත් කිව යුතුද? නාඳුණන ලියුම්කරුවෙකුගේ ලිපියක්
ආගම්බේධවාදීන් විසින් ඉෆ්තාර් වැඩසටහන් සම්බන්ධව ඇති කර තිබෙන ඝෝෂාව අරබයා මා විසින් ලියු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් එක්තරා සහෝදරයෙකු හෝ සහෝදරියක විසින් මවෙත නිර්නාමික ලිපියක් එවා ඇත. එම ලිපියේ ඉතා වැදගත් කරුණු තිබෙන හෙයින් සහ එම ලිපිය ඉතා කාලෝචිත හෙයින් එහි පලවන අදහස් වල වගකීම මවෙත පවරා ගනිමින් මෙම ලිපිය අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලකරන්නට තීරණය කළෙමි. සහජීවනය කැමති සියළු දෙනාගෙන්ම මා ඉල්ලන්නේ මෙම ලිපිය හැකිතාක් බෙදා ගන්නා ලෙසයි. Continue reading
පංසල තුල ඉෆ්තාර් දුන් පමණින් මුස්ලිම් පල්ලියක පිරිතක් කිව හැකිද? 2
නැවත වරක් අන්තර්ජාලය තුල මා ජනප්‍රිය කරවීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත. සමහර විට මා ජනප්‍රිය වුවා මදියැයි ඔවුන් සිතනවා විය හැක. මෙවර ඔවුන් අල්ලාගෙන තිබෙන තුරුම්පුවම වැරදි එකකි. මන්දයත් පංසලක ඉෆ්තාර් කෑම වේලක් දී පල්ලියක පිරිතක් කීමට ඉල්ලීමයි. ඉෆ්තාර් යනු ආහාර වේලකි. දානයද යනු ආහාර වේලකි. මේ දෙකටම දහම් දෙකෙහි ගැටළුවක් නොමැති තැන මුස්ලිම් පල්ලියක පිරිත් කියන්නත් පංසලක ඉස්ලාමීය නැමදුම් කරන්නත් යන්නේ ඇයි? Continue reading
ගව ඝාතණයේ ඇතුල් පැත්ත
බුදු දහමට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයකි. ඒ නිසා ගව ඝාතණය කිරීමද අකුසල කර්මයක් වේ. ලංකාවේ බොදුනුවන් ගවයා සම්බන්ධව විශේෂත්වයක් දක්වන නිසා ලංකාවේ ගව ඝාතණයට එරෙහිව විරෝධතාවයන් එල්ල වේ. මෙම ගව ඝාතණ විරෝධීන් විසින් බොහෝ විට චෝදනා එල්ල කරන්නේ ලාංකික මුස්ලිම් වරුන්ටය. බොහෝ විට ඔවුන් මෙමගින් බොදුනු සහ මුස්ලිම් වරුන් අතර විශාල ආගම්බේධයකට මුල පුරති. Continue reading
මාංශ අනුභවය සම්බන්ධව බෞද්ධ දර්ශනයේ පවසන්නේ කුමක්ද?
ඊයේ දිනයේ මා විසින් ලියන ලද “දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු” නම් වු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් චමිත් සොහෝදරයා විසින් ඉතාමත්ම වැදගත් ලිපියක් එවා තිබුණා. ඒ ලිපියේ අන්තර්ගතය බෞද්ධ දර්ශනයේ මස් මාංශ අනුභවය ගැන පවසා තිබෙන දේ සම්බන්ධවයි. සමස්ථයක් ලෙස ගත්කළ එම ලිපියේ කරුණු ඉතාමත් හොඳින් පවසා තිබුණත් යම් යම් ස්ථානවල අපට ඇති ගැටළු සම්බන්ධව පුළුල් සංවාදයක් සඳහා මෙම ලිපිය ලියමි. Continue reading
ආතර් සී. ක්ලාර්ක් අනාවැකිය හරි යයිද?
ආතර් සී. ක්ලාර්ක් මහතා විදේශිකයෙක් වුවද සිය දිවියේ අවසාන කාලයේ ලංකාවේ ජීවත්ව සිට පුරවැසියෙක් ලෙස අංක එකේ සැලකිලි ලබා මියගිය විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකි. ආතර් සී. ක්ලාර්ක් මහතා විසින් කියන ලද අනාවැකියක් මේ දිනවල අන්තර්ජාලය තුල පැතිරේ. ඒ ඔහු විසින් ලියන ලද ගැඹුරු මුහුද නම් වු පොතේ සඳහන් පාඨයකි. එමගින් කියැවෙන්නේ වසර 2050 දී ලෝක ආගම කුමක්ද? යන්න ගැනයි. Continue reading
මුහම්මද් නබි තුමාණන් විසින් බෞද්ධ රහතන් වහන්සේලා ඝාතනය කළේද?
මේ දිනවල face book තුල කඩු දෙකක් සහිත ඡායාරූපයක් පලකරමින් ඉතාමත් සාහසික ලෙස මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන පරිදි පුවතක් පලකරමින් පවතියි. මේ පුවතේ ඇත්ත නැත්ත කුමක්දැයි අසා බොහෝ දෙනෙක් මගෙන් අසා එවා ඇත. මේ ඡායාරූපයේ පලවන කඩු දෙක ගැන මා සොයා බැලු විට දැනගන්නට ලැබුණේ මේ කඩු දෙක මුහම්මද් නබි තුමාණන්ට අයත්ව තිබුණු අල්-මාතුර් Al Ma’thur සහ අල්-රාසුබ් Al Rasub නම් වු කඩු දෙකයි. Continue reading
අඩු වයස් විවාහය ළමා අපචාරයක්ද?
ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය වයස අවුරුදු 9 දී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් සමග විවාහ වීම පිළිබඳ ප්‍රශ්නයට අප පිළිතුරු දීමත් සමග බොහෝ දෙනෙක් ඇවිස්සිලා. දැන් ඒ අයත් පිළිතුරු දෙන්න පටන් අරගෙන. මන්ද ඉස්ලාම් පිළිබඳව ඔවුන් විසින් ප්‍රචාරය කළ මඩ සියල්ලටම අප විසින් පිළිතුරු දෙමින් ඉදිරියට පැමිණ ඇත. කාලයක් වසාදමා තිබුණු මඩ බ්ලොග් අඩවිත් (මඩ කරත්ත) දැන් ආයිත් වැඩ පටන් අරන්. Continue reading
අන්‍යාගම්කරණය වැලැක්විය හැක්කේ කෙසේද?
අන්‍යාගම්කරණය යනු ලොව සෑම දහමකටම තිබෙන ප්‍රශ්ණයකි. කිසියම් දහමකට එම ප්‍රශ්ණය නැහැ කියනවා නම් එය මිනිසුන් විසින් අදහන දහමක් නොවිය යුතුය. ලොව වැඩිම වර්ධන වේගය සහිත දහම ලෙස සලකන ඉස්ලාම් දහමටද මෙය පොදු ප්‍රශ්ණයකි. නිදසුන් වශයෙන් ලොව විශාලතම මුස්ලිම් රට වන ඉන්දුනීසියාව තුල මෑත කාලීණව ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් විශාල ලෙස මුදල් ආයෝජනය කරමින් අන්‍යාගම්කරණය සිදු කිරීම පෙන්වා දිය හැක. Continue reading
දන්පින් කළ යුත්තේ කෙසේද?
දහම් පානදුර නම් අයෙක් මුණු පොත හෙවත් face book එකේ බෙදා share ගෙන තිබු පෝස්ටරයක් මම දැක්කා. ඒකේ තිබුණේ දන්සලක දානේ බෙදන මුස්ලිම් වරයින් සිටින දර්ශනයක්. එහි පහලින් මෙසේ ලියා තිබුණා. “බෙදන බත් පතේ ආගම් ජාති බේධයක් නැතිව කුස පිරෙනවා. ඔබේ දෑතට දීම හුරුකළ බෞද්ධ අපට ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි හැමදාම මෙහෙම සතුටින් ඉමු.” Continue reading


























