Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මොරටු සරසවිය සහ නිකාබය

මොරටු සරසවිය සහ නිකාබය

මොරටු සරසවිය සහ නිකාබය

ෆාතිමා සහාර් විසින් රචිත මෙතන පළවූ ලිපියේ සිංහල අනුවර්තනයයි.
http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/ මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි. Continue reading

මුස්ලිම් අන්තවාදීන් ඇතුළු අවදානම් 5ක් නිසා ලංකාව අවදානමේ – ගෝරා ගේ ප්‍රකාශය විමසුමක්!

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදෙස් රටවල නියෝජිතයන් සිය ගණනකින් සමන්විත ආරක්ෂක සමුළුවක් ඊයේ පවත්වමින් එහිදී ඔහු විසින් කළ කථාව තුලදී ලංකාව වත්මන් කාලයේ මුහුණ දෙන අවදානම් 5 ක් ගැන සඳහන් කරන ලදී. පිටරට වල ආරක්ෂක සේවයට සම්බන්ධ අයවළුන් ශ්‍රී ලංකා රජයේ වියදමින් මෙසේ කන්නට බොන්නට දී ගෝරා මහතා බලාපොරොත්තු වන්නේ යුධ අපරාධ සම්බන්ධයෙන් තමන්ට එල්ල වී තිබෙන චිත්‍රයට සුදුහුණු ගා ගැනීමටයි. Continue reading

බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසවීම- (-අවරදිග ආවර්ජනා. රාවය. 2013.03.16) Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ

ගාමිණි වියන්ගොඩ

ගාමිණි වියන්ගොඩ

බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප‍්‍රකාශයකට දෙවැනි නැත. Continue reading

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

සාමය කඩ කළ අය

සාමය කඩ කළ අය

වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දින‍ය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත. Continue reading