විදෙස් ගත මිතුරන් තිදෙනෙක් අනතුරක් සිදුවී මියගිය බව පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වුණා. මේ පිළිබඳව තොරතුරු විමසු මට වාර්තා වුණේ එම තිදෙනා රාත්‍රී සමාජශාලාවක සාදයකට සහභාගී වී සිටියදී ගින්නකට අසුවී ඇති බවයි. Continue reading
Tag Archives: මත්පැන්
හිමි නමක් බීමතින් රිය පැදවීම සහ මාධ්‍ය මගින් එය වාර්තා කිරීම
පසුගිය 2012 පෙබරවාරි 23 වැනිදා බීමතින් රියක් පදවමින් වැඩමවු හිමි නමක් පන්නිපිටිය ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබුණා. මේ හිමි නම පසුගිය 23වෙනිදා රාත‍්‍රී 10.30 ට පන්නිපිටිය හයිලෙවල් පාරේ සිය වාහනය පදවමින් බීමත්ව වඩිනා විට මෙම අනතුර සිදුවී ඇත. මේ හිමි නම මීට පෙරද, 2011 ඔක්තෝබර් මාසයේ බීමත්ව මෝටර් රථයක් පදවා හොරණ පාරේ කහතුඩුවේදී යතුරුපැදියකින් ගමන් ගත් යුද හමුදා සෙබළකුට තුවාල සිදුකර ඇත. 58 හැවිරිදි මේ හිමිනම නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ ගෝතමී විහාරස්ථානයේ නායක ස්ථිවිර වන කිතලව පඤ්ඤාජීව හිමියන්ය . පසුව එම වාහනය පරික්ෂා කිරීමේදී එහි තිබී වැලඳු විස්කි බෝතලයක්, බියර් කෑන්, සිගරට් හා ඌරු මස් සොයාගෙන ඇත. එමෙන්ම මේ හිමිනම ජාතික හෙල උරුමයේද ක්‍රියාකාරී සාමාජිකයෙක් වීමද විශේෂ කරුණක්. Continue reading
දෙබිඩ්ඩන්ගේ අමද්‍යප සටන්
කුඩා කාලයේ පටන්ම මත්පැන් දුම්වැටි පිළිකුල් කළ මා, ඒවාට ඇබ්බැහි වන්නන් සමග තර්ක විතර්කද කළෙමි. මේ නිසා පසුකාලීනව පාසලේ අමද්‍යප සංගමයේද කටයුතු කරන්නට හැකි විය. කලක් ගියපසු වැඩිමහල් සිසුවෙක් ලෙස පාසැල් අමද්‍යප සංගමයේ සභාපති තනතුරටද තරඟ කිරීමට ඉදිරිපත් වුණි. මට ප්‍රතිවාදියා වුයේ ධනවත් පවුලක දරුවෙකි. මම ඔහුට වඩා වසරකින් බාල විය. නමුත් මා තුල තිබුණු දක්ෂතාවයන් පිළිබඳව මට තිබුණු විශ්වාසය නිසා තරඟයට ඉදිරිපත් වුයෙමි. නමුත් මගේ බලාපොරොත්තු සුන්කරලමින් මගේ ප්‍රතිවාදියා ජයග්‍රහණය කරන ලදී. මෙයට අප පාසලේ සිටි ගුරුවරියන් කිහිපදෙනෙකු හවුල් වු බව මා දැනගත්තේ බොහෝ කලකට පසුවය. මෙම තනතුර මා හට ලැබිය යුතු යැයි මා තරයේ විශ්වාස කළ නිසා, ඉන් පසුව මට අමද්‍යප සංගමයේ ක්‍රියාකාරී වීමට මන්දෝත්සාහයක් ඇතිවිය. ඒ නිසා මම එහි අක්‍රීය සාමාජිකයෙක් බවට නිරායාසයෙන්ම පත්විය. Continue reading
මතට අත්පොත් තබන වෙරල සාද (බීච් පාටි)
අතීතයේ සුද්දන් විසින් මෙරට ජනතාව අතර සිගරට් ප්‍රචලිත කළේ කෙසේදැයි මගේ පියා වරක් පවසනු මා අසා ඇත. එකල ඔවුන් රටේ විවිධ ප්‍රදේශ වලට ගොස් ජනතාව අතර නොමිලේ සිගරට් බෙදා දී ඇත. ඒ වන විටත් සුරුට්ටු සහ බීඩි වැනි දුම්පානයන්ට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් මෙම නව දුම්පානයට පුරුදු වන්නට ඇත. කෙසේ වුවද එදා සුද්දාගෙන් නිකම් බිව් සිගරට් එක දිරවා ගත නොහී දැන් පරම්පරා ගණනාවක පටන් අප සුද්දාට නය ගෙවමින් සිටිමු. (මේ ලියුම්කරු වන මම එවැනි සිගරට් බොන පල් මෝඩයන්ගේ සමාජයට අයත් නොවන නමුදු අපත් ගෙවමින් සිටින්නේ එලෙස සිගරට් බොන්නන්ගේ කරුමයයි) පහත සඳහන් වන්නේ තවත් එවැනිවු ප්‍රයත්නයක්දැයි සිතේ. මෙවැනි දේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය සතු වගකීමක් වුවද අපේ රටේ කිසිදු මාධ්‍යයක් එවැනි දේ කරනු අප දැක නැත. Continue reading
