Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මාධ්‍ය සදාචාරය හා අපි නොදන්න පුවත් කලාව

මාධ්‍යය

මාධ්‍යය

මෑතකදී සිට  අප රටේ ආගමට, ජාතියට, රටට, ආර්ථිකයට ආදී වශයෙන් නොයෙකුත් අංශයන් හට දැඩි ලෙස ලෙංගතු සේනාවන් හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින් පවතී. එය රටක් ලෙස හා ජාතියක් ලෙස පැසසිය යුතු කරුණකි. නමුත් මෙම සංවිධානවල ක්‍රියාකාරකම් ගත්කල එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැහැදිලි අරමුණක් හෝ පිළිපදින්නා වූ නීතිමය රාමුවන් සම්බන්ධයෙන් වගකීමක් දැරීම පිළිබන්දව බොහෝ ගැටලු සමාජය ඉදිරියේ මතුවෙමින් පවතී. Continue reading

ජනපතිගෙන් මාධ්‍යයට ඔවදන්

ජනපති තුමා

ජනපති තුමා

ඊයේ (මැයි 15 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසා ඇත්තේ ජාතිවාදය අවුළුවන ආකාරයේ මාධ්‍ය හැසිරවීමෙන් වලකින ලෙසයි. එමෙන්ම අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වන ආකාරයේ පුවත් පලකිරීම වැදගත් බවත් එතුමා අවධාරණය කර ඇත. Continue reading

සී නිවුස් Comment රැළ සහ බලු මාධ්‍ය සම්ප්‍රදාය

කමෙන්ට් රැළේ කර්තව්‍ය

කමෙන්ට් රැළේ කර්තව්‍ය

ඉස්සර අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් හිටියා. එයාට අක්කර කිහිපයක වත්තක් තිබුණා. ඒ වත්තේ නැති දෙයක් නැහැ. පලතුරු ජාති සහ ගඩා ගෙඩි ඕන තරම් තිබුණා. මේ අංකල්ට හිටියේ එක දරුවයි. එයත් ඉගෙන ගන්නද ගිහින්ද කොහෙද රට හිටියේ. ඒ නිසා ගෙදර හිටියේ මහ දෙන්නා විතරයි. ඒ වත්තේ ගස්වල ගෙඩි පිරිලා තියෙන කොට අපිට බලාගෙන ඉන්න අමාරුයි. ගල් පාරක් හරි දෙන්න හිතෙනවා. එක ගලක් ගැහුවා නම් ගෙඩි කිහිපයක් බිම වැටෙන එක ෂුවර්. Continue reading

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට එරෙහිව මාධ්‍ය ත්‍රස්තවාදයක්!!!

මාධ්‍යවේදියා යනු වෛද්‍ය වරයෙක්/ගණාධිකාරීවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වැනිම වු වෘත්තිකයෙකි. කිසියම් වෛද්‍යවරයෙක්ට ඔහු අභියසට එන රෝගියා කුමණ ජාතියකට ආගමකට හෝ කුලයකට අයත් වුවද ඔහුගේ කෝණය විය යුත්තේ මේ තමන් ඉදිරියේ සිටින්නේ තමන්ගේ සේවය අවැසි රෝගියෙක් පමණි යන්නයි. මෙහිදී වෛද්‍යවරයා විසින් රෝගියාගේ බාහිර සාධක අනුව හෝ වෛද්‍යවරයාගේ පුද්ගලික මතිමතාන්තරය අනුව රෝගියාට සලකන්නේ නම් එය භයානක තත්වයකි. එවැනි වෛද්‍යවරයෙක් වේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙක්සේ සලකන්නට අපට පුළුවන් කමක් නැත. මෙසේ වෘත්තිකයන් සිය වෘත්තිය අභිමුව සියළු දෙනාටම එක හා සැලකිය යුතු මුත් අපේ රටේ මාධ්‍ය වලින් එසේ සිදුවන බවක් දක්නට නොලැබේ. Continue reading