Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

කුවේටයේදී පෙම් කිරීම වරදක්ද?

පෙම් කිරීම

පෙම් කිරීම

අපේ රටින් විදෙස් ගතවන බොහෝ දෙනෙකු විදේශයන්හි නීතිරීති තමන්ගේ රටේ මෙන් නොවන බව නොදනිති. මේ නිසා ඔවුන් එම රටවල් හිදී නොදන්නා වැරදි වලට දඬුවම් විඳීමට ලක්වීම වලක්වනු බැරි දෙයකි. මේ සම්බන්ධව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය තම අවධානය යොමුකළ යුතු බව මගේ අදහසයි. මේ එවන් සිදුවීමක් ගැන වු පුවතකි. Continue reading

සෞදියේදී තුංගසිරි වසරකට හිරේ යවයි – කස පහර 100 කුත්!

පී.පී. තුංගසිරි

පී.පී. තුංගසිරි

සෞදි නීතියට පිටුපා එරටදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරී‍මේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමැති දෙදරු පියාට කස පහර 100ක්ද සමගින් වසරක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර තිබේ. මෙම තැනැත්තා ගැන මුලින්ම ලංකාවේ මාධ්‍ය වල සටහන් වුයේ බුද්ධ ප්‍රතිමාවක් ලඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට පත්වු බවකි. නමුත් එය පට්ටපල් බොරුවක් ලෙස පසුව අනාවරණය විය. Continue reading

ඇමති ඩිලාන් රිසානා සිද්ධිය ගැන අන්තවාදීන්ටත්, රංජන්ටත් දෙහි කපයි

ඩිලාන් පෙරේරා

ඩිලාන් පෙරේරා

රිසානා නෆීක් තරුණියගේ මරණය උපයෝගී කොටගනිමින් ඇතැම් ජාතිවාදී කොටස් ඇයගේ පවුලේ සාමාජිකයන්ටත්, ඉස්ලාම් දහමටත්, ඉස්ලාම් නායකයන් ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයටම අසංවර ලෙස ප‍්‍රහාර එල්ල කරන බවත් එමඟින් අන්තර්ජාතික වශයෙන් රටේ කීර්තිනාමයට බලවත් අගෞරව ගෙන දෙන බවත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂ ප‍්‍රකාශයක්‍ කර ඇත. Continue reading

රිසානා නෆීක්ට ලබාදුන් තීන්දුව සාධාරණද? අසාධාරණද?

රිසානා නෆීක්

රිසානා නෆීක්

රිසානා නෆීක් නම් ඒ දිළිඳු තරුණිය සම්බන්ධව විවිධ මුස්ලිම් සහ මුස්ලිම් නොවන පාර්ශවයන්ගෙන් විවිධ පැතිකඩවල සිටගෙන එක් එක් කණ්ණාඩි පළඳවා මත පලකරමින් සිටින අතර තමන්ගේ මතවල තමන්ම ගෙල හිරකරගෙන සිටින අයුරුද අපට මේ දවස්වල දැක බලාගත හැකිව තිබේ. Continue reading

බීමත නිසා තමනුත් වනසා ගෙන අනුන්ද වනසන්නෝ!

බේබද්දා

බේබද්දා

පසුගිය දිනක වාර්තා වුනේ ඉතාමත් ශෝචනීය පුවතකි! එනම් කතරගම වන්දනාවේ ගිය එක්තරා ආයතනයක පිරිසක්, නැවත පැමිණෙන අතරමගදී තිස්ස වැවේ බෝට්ටුවක ගොස් 7 දෙනෙකු මරු වසඟයට ගිය බවයි. අටදෙනෙකුට ගමන් කළහැකි බෝට්ටුවේ 22 නෙකු ගොස් ඇති අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු දියට බිළිවී ඇත. Continue reading

ෂරියා නීතිය ම්ලේච්ඡයිද? පා.ම රංජන් රාමනායකට පිළිතුරක්!

රංජන් රාමනායක මහතා රගපාමින්

රංජන් රාමනායක මහතා රගපාමින්

මුස්ලිම් රටවල් තුල ක්‍රියාත්මක වන ෂරියා නීතිය ඉතාම ම්ලේච්ච බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (නොවැම්බර් 28 දා) පාර්ලිමේන්තුවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පවසා ඇත. Continue reading

වයස 30 ඉක්‌මවූ කතුන්ට පමණක්‌ ගෘහ සේවයට රට යැමේ අවස්‌ථාව-ඇමති ඩිලාන්ගේ ප්‍රකාශය ගැන විමසුමක්

ඇමති ඩිලාන්

ඇමති ඩිලාන්

වයස අවුරුදු තිහ සම්පූර්ණ වූ කාන්තාවන් පමණක්‌ ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා යෑවීමට ඉදිරි කාලයේදී පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසා ඇත. Continue reading

මැදපෙරදිග හාම්පුතුන් වැඩියෙන්ම කැමති අපේ රටේ කාන්තාවන්ට ද?

ඇමති විමල්

ඇමති විමල්

අපේ විමල් ඇමති තුමා මොන්ටිසෝරි කතා කියන්න හරි දස්සයි. ලංකා සී නිවුස් වෙබ් එක ඒවගේ කතා පලකරන්නත් හරි දස්සයි. මම ඇමති තුමාගේ කතා මේ බ්ලොග් එකේ කීප වතාවක්ම විවේචනය කරලා තියෙනවා. විමල් ඇමති තුමා මේ සැරේ මොන්ටිසෝරි ප්‍රකාශය කරලා තියෙන්නෙත් මොන්ටිසෝරි වලට බඩු බෙදන උත්සවයක ප්‍රධාන අමුත්තා වෙලයි. ඒ කතාවේ උපුටා ගැනීම මෙසේය. Continue reading

මැදපෙරදිග සිරගතවු අපේ ලේ 01

මැද පෙරදිග සිරගතව සිටි සමහර අපගේ සහෝදර සහෝදරියන්ගේ කථාවන් කිහිපයක් ලියන්නට සිත්විය. ඒ මෙම කථා වලින් ඔබටද ගතයුතු එමට ඇති බව මට සිතුණු නිසාය. මා විසින් දැනගත් එම සත්‍ය කථාවන් නම්ගම් වෙනස් කරමින් ලියමි. මේ කථා මා‍ලාවෙන් අද මා ලියන්නේ මැදපෙරදිග රටක වසර පහක සිරදඬුවමක්, කස පහර 500ක් සහ රියාල් 50,000 ක වන්දියක් ගෙවීමට නියමවු අපේම සිංහල සහෝදරයෙක් ගැනයි. Continue reading

නන්දා මාලනීට කුවෙට් රටේදී වුණේ කුමක්ද?

ප්‍රවීණ ගායිකා නන්දා මාලනී ඇතුළු පිරිසක් කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරත වන්නට ගිය විට එහි ගුවන් තොටුපොලේදී ඔවුන්ට විශාල අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු වී ඇති බව පසුගිය දිනවල වාර්තා වුණා. මේ පිළිබඳව අන්තර්ජාලයේ පුවත පලවු විට එම පුවතට කමෙන්ට් එකක් වශයෙන් මේකත් තම්බියෙක්ගේ වැඩක් කියලා සඳහන් වුණා. අද සතිඅන්ත පුවත් පතකුත් ඔවුන්ගේ පත්තරය විකුණ ගන්න හිට් නිවුස් එකක් හැටියට මේ පුවත දාලා තියෙන බව මම දැක්කා. ඇත්තටම නන්දා මාලනී මහත්මිය ඇතුළු පිරිසට කුවෙට් රටේ සිදුවුයේ කුමක්ද? යන්න ගැන සොයා බැලීමට අන්වර් මනතුංගට සිතුනා. Continue reading

රට යන්නට පෙර හිතා බලන්න

රට යන්නට පෙර හිතා බලන්න

ආගමික දේශණ වලට ලැබුණු ආරාධනා මත මා බොහෝ විට මැදපෙරදිග රටවල සංචාරය කර ඇත්තෙමි. ඉඩ ප්‍රස්තාවක් බලන සෑම විටම මා එහි සිටින අපගේ සිංහල සහෝදරවරු සිටින සේවා කඳවුරු බැලීමට යමි. ඇත්තෙන්ම පිටරටවල සේවය කරන ඔවුන්ගේ මුදල් අප රට වෙත නොඑන්නට අපට රටක් ලෙස බොහෝ දේවල් නොකල හැකි තත්වයකට පත්වනු නියතය. අප ඔවුන් කරන සේවය අගය කළ යුතුය. Continue reading