Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ඔවුන්ට බුදුන් සිහිවෙත්වා! – මියන්මාරයේ සහ ලංකාවේ බෙදුම්වාදී භික්ෂූන් ගැන දලෙයි ලාමා පවසයි.

දලයි ලාමා

දලයි ලාමා

ටිබෙටයේ අධ්‍යාත්මික බෞද්ධ නායකයා වන දලෙයි ලාමා, පසුගිය අට වැනිදා ඇමෙරිකාවේ මේරිලන්ද විශ්වවිද්‍යාලයෙදී (University of Maryland) කල දේශනයකදී බෞද්ධ බෙදුම්වාදී ගැටුම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. එම දේශනය සඳහා පසළොස් දහසක පමණ ප්‍රමාණයක් සභාගත වූහ. Continue reading

බුරුමයේ සිදුවන්නේ කුමක්‌ද? චතුර පමුණුවගේ දිවයින ලිපිය විමසුමක් කරමු!

බුරුමය

බුරුමය

හිතවත් පාඨකය! චතුර පමුණුව නම්වු ලේඛකයා විසින් දිවයින පුවත් පතෙහි බුරුමයේ සිදුවන්නේ කුමක්ද? යන උදෘතයෙන් ලිපියක් ලියා ඇත. එම ලිපිය සම්පුර්ණයෙන් පහත පලකරමි. ඒ ගැන මා විමසුමක් කිරීමට වඩා පාඨක ඔබගේ ප්‍රතිචාර තුලින් පාඨක විමසුමක් කිරීමට ඉටා ගත්තෙමි. මෙම ලිපිය කියවා ප්‍රතිචාර වශයෙන් ඔබගේ අදහස් පලකරන්න. Continue reading

බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව

උදය ආර්. තෙන්නකෝන්

උදය ආර්. තෙන්නකෝන්

දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා
සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා
අපි සිංහල වං‍‍ශේ බව හිතට ගනිල්ලා
බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා Continue reading

අයාලේ ගිය භික්ෂූන්

අයාලේ ගිය භික්ෂූන්

අයාලේ ගිය භික්ෂූන්

මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම් හිංසාවක් සහ අමානුෂික හිරිහැරයක් පැවතිය හැක්කේ කෙසේ ද යන්නයි. Continue reading

ජීවත් වෙන්න රටක් නැති මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්

රෝහින්ග්‍යා කතක්

රෝහින්ග්‍යා කතක්

රෝහිග්‍යා යන නම ඇතිවු ආකාරය පැහැදිලි නැත. කලීලුර්රහ්මාන් වැනි ඉතිහාසඥයන් පවසන්නේ මෙම වචනය අරාබි බසෙහි “රහ්මා” යන වචනයෙන් බිඳී ආවක් බවයි. එහි අරුත කරුණාවයි. ඔවුන් අටවැනි සියවසෙහිදී නැවක් මුහුදු බත්වීමෙන් පැමිණි පිරිසක් බවටද මතයක් පවතියි. Continue reading

බුරුමයේ ගැටුමින් දිවිගලවා ගත්අය හමුදා පාලනයට දොස් තබයි!

බුරුමය-මියන්මාරය

බුරුමය-මියන්මාරය

පසුගිය සතිය තුල 32,000 කට ආසන්න පිරිසක් අවතැන් කළ සහ 80 ට අධික සංඛ්‍යාවකට මරු කැඳවු බුරුමයේ ජාතිවාදී ගැටුම සම්බන්ධව රජය විසින් නිසි පරිදි ක්‍රියා නොකළ බව එම සිද්ධියෙන් දිවි ගලවා ගත් අය පවසති. මෙම ගැටුම ඇරඹුනේ පසුගිය ජුනි මාසයේ සිටයි. ගැටුම කෙතරම් දරුණු වීද යත් ආරම්භයේදීම ජාත්‍යන්තර අවධානයට ලක්විය. Continue reading

බටහිර බුරුමයේ මහා විනාශයක් සිදු වූ බවට එරට රජය පිළිගනියි – BBC

බුරුමය

බුරුමය

බටහිර බුරුමයේ ආගම්වාදී ගැටුම් පැතිර යමින් තිබුන සතියක කාලය ඇතුළත, රෝහින්ග්‍යා (Rohingya ) මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව ප්‍රහාර රැසක් එල්ල කොට ඇති බව බුරුම බලධාරීන් විසින් පිළිගෙන තිබේ. Continue reading

මියන්මාරයේ (බුරුමයේ) පවතින වත්මන් තත්වය කුමක්ද?

මියන්මාර ලාංඡනය

මියන්මාර ලාංඡනය

මේ දිනවල බුරුමය තුල විශාල ආගමික ගැටුමක් ඇති වී තිබෙන බව මාධ්‍ය මගින් වාර්තාවේ. එමෙන්ම සිංහල මාධ්‍ය අන්තර්ජාලය තුල මියන්මාරයේ බොදුනුවන්ට පහරදුන් ඡායාරූප විශාල වශයෙන් සැරි සරන්නේ එමගින් සිංහල සහ මුස්ලිම් සමාජ දෙක අතර වෛරයක් ජනිත කරවන ආකාරයටයි. මේ ඡායාරූප ප්‍රචාරයද භාරගෙන තිබෙන්නේ ආගමික අන්තවාදී කල්ලි විසිනි. නමුත් මෙහි සැබෑ තතු කුමක්ද? යන්න ජනතාවට හෙලි කිරීම මෙම ලිපියේ අරමුණයි. Continue reading