2013 මැයි මස 8 වැනි බදාදා “ලංකාදීප” පුවත් පතේ 17 වැනි පිටුවේ “නීතිය හමුවේ සියලු දෙනා එක සමානයි” යන මාතෘකාව යටතේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එහි සභාපති ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඉදිරිපත් කරණ ලද කරුණු පිළිබඳව අපගේ වැටහීම අනුව එහි සාරාංශය පහතින් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. Continue reading
Tag Archives: මුස්ලිම් කාන්තාව
ඇඟට හිරට කොටට ඇඳල ලෙඩ දාගන්නේ කුමටද? මේ ඇඳුම අපට සැනසිල්ලක්!
මුස්‌ලිම්වරුන්ගේ ජීවිතවල බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු ආකාරය, අඳින පළඳින හැටි තීරණය කරන්නේද ඉස්‌ලාම් දහමට අනුකූලවය. එහෙත් මුළු සර්වාංගයම වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුම සමාජයේ විවිධ කතාබහට තුඩු දී තිබෙන විලාසිතාවකි. එහෙයින් මුස්‌ලිම් කාන්තාවගේ ඇඳුම් විලාසිතාව ගැන අපි මුස්‌ලිම් කාන්තාවන් කිහිප දෙනකුගෙන් මත විමසුවෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ අදහස්‌ය. Continue reading
බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප්‍රහාරයන් ඉහළ නංවයි
මුළු සිරුර ම වැසෙන සේ “අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම් ප‍්‍රජාවේ සාකච්ඡාවල දී මේ ප‍්‍රශ්නය අවධානාත්මක සැලකිල්ලට බඳුන් වී ඇති අතර, විවිධ මාධ්‍ය උපක‍්‍රමයන් ඔස්සේ ගෙනයන අදහස් හුවමාරු අතරේ ද ප‍්‍රකට ව ප‍්‍රචාරය කැරෙයි. Continue reading
මුස්ලිම් කතට ශිල්ප අකැපද…?
වර්ථමාන ඉස්ලාමීය විරෝධ රැල්ලේ ප්‍රධාන සාධකයක් ලෙස මුස්ලිම් කාන්තාව හැදින්විය හැක. අයිතීන් විරහිත අමානුෂික හිංසනයන්ට බදුන්වන්නියක් ලෙස ඉස්ලාම් විරෝධීන් දකින ඇය සැබැවින්ම එසේ වන්නියක් නොවන බව ඉස්ලාමය තුලට යන්තමින් හිස පොවන නොව ගැඹුරින් විමර්ශනය කරන්නෙකුට නිරායාසයෙන් වැටහෙන්නකි. Continue reading
මුස්ලිම් කාන්තා වස්ත්‍රය පිලිබඳව බෞද්ධ විද්වතෙකුගේ අදහසක්
අද අන්තර්ජාල අඩවි ලිපි වලට ලැබෙන ප්‍රතිචාරයන්ගේ ගුණාත්මක බව විශාල වශයෙන් පිරිහී ඇති යුගයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු අන්තර්ජාල අඩවි තුල ඉතාමත් ගුණාත්මක පාඨක ප්‍රතිචාරයන් දමන්නාවු මධ්‍යස්ථ මතධාරී බෞද්ධ විද්වතෙකි. ඔහු අපගේ අඩවියේද පාඨකයෙක් වන අතර විශේෂ අවස්ථාවන්හිදී තමන්ගේ බුද්ධිමත් අදහස් සංවාදයන්ට යොමුකර ඇත. Continue reading
මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයැයි කියාපල්ලා! ලිපිය විමසුමක්!
ප්‍රංශයේ සිටින ශ්‍රි ලාංකික විප්‍රවාසියෙකු වෙන රෝහිත මුණසිංහ නැමැත්තා විසින් ඉහත ප්‍රස්තූතය යටතේ ලියන ලද ලිපියක් මගේ අවධානයට ලක්විය. ඒ ලිපියෙන් ඔහු අපෙන් ඉල්ලන්නේ තමන්ට “ජාතිවාදියෙකු” ලෙස අමතන ලෙසට නමුදු මේ ලිපියට අනුව සාධාරණ වන්නේ “ජාතිවාදියා” යැයි පැවසීම නොව 88-89 යුගයේදී රට විනාශ කර ප්‍රංශයට පැන දැන් නැවතත් රටේ ගිනි අවුළුවන්නට තනන “අවස්ථාවාදියෙකු” ලෙස නම් කිරීම බව මගේ අදහසයි. Continue reading
නිවසක වටිනාකම පිළිබඳ ඉස්ලාමීය මතය
ශුද්ධවූ කුරානයේ සුරා නූර් හි මුල් කොටස් වල ස්ත්‍රියකගේ පතිවත කෙසේ රැකගත යුතුද?, ඇයගේ ගේ නම්බුව රැකගන්නේ කෙසේද?, ඇයගේ නම්බුව කෙලෙසු අය වෙනුවෙන් ගතයුතු ක්‍රියා මාර්ග මෙන්ම එවැනි දෙයක් ආරංචි වූ විට අප හැසිරිය යුතු ආකාරය මනාව පැහැදිලි කර ඇත. Continue reading
මුස්ලිම් කාන්තාවට හිජාබය වදයක්ද?
“අර බලන්නකෝ! අනේ මන්දන්නෑ! මේ අව්රස්නේ කොහොම ඇඳලා ඉන්නවද? කියලා!” මේ දිනක් මට ඇසෙන්නට බස් නැවතුම්පොලකදී කාන්තාවක විසින් තවත් කාන්තාවක් සමග පැවසු වදනකි. ඇත්තටම ඇය සිතා සිටින්නේ ඔවුන්ට තිබෙන ග්‍රීස්මය අපටද ඇත කියායි. Continue reading
නවක මුස්ලිම් සොයුරියකගෙන් සියළු සොයුරියන්ට පණිවිඩයක්!
ආදරණීය සොයුරියේ!…
සියුමැලි සුවඳ සුන්දර මලකට … සඳට … සඳ එළියට… ඔබව ගලපා කවි ගී ලියූ ලෝකයක… අපට හුරු පුරුදු සිංහල සාහිත්‍යයේ රසාස්වාදාත්මක කවියක “ඉඟ සුඟ ගත හැක මිටින..” යැයි මනැස් සලෙලුන්, ඔබට නොදැනී ඔබව නිරුවත්ව ස්පර්ශ කල අවස්ථාද අනේකව නොතිබුනා නොවේ. එහෙත් ඔබට එය දැනුනේ විද්වත් සාහිත්‍ය ගුණ රැගත් වර්ණනාවක් ලෙසය. ඒ ඔබට වැරදුනු පළමු අවස්ථාවද නොවේ. Continue reading
මුස්ලිම් කාන්තාව සහ නූතන කාන්තාව
නූතන සමාජයේ කාන්තාව දෙස බලන කල මුස්ලිම් කාන්තාවන් වන අප ආරක්ෂාව අතින් ඉතාමත් ඉහල තත්වයකින් පසුවන බැව් පෙනීයන කරුණකි. නූතන සමාජීය කාන්තාවන් නිසි පරිදි ආරක්ෂාවක් නොමැති කමින් බොහෝ කූඨ අයට රැවටෙන බව දකින විට ඉස්ලාමය තුලින්ම මුස්ලිම් කාන්තාවට සලසා තිබෙන රැකවරණය කොපමණ අගනේදැයි සිතෙන්නේය. Continue reading
නංගියේ උඹට ඔව්වා හොඳ පාඩම්
මුස්ලිම් නංගියෙක් විසින් සිංහල භාෂාව ගැන වැඩිදුර හදාරන්න විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා. එයාලාට භාෂාවේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට බොහෝ මුලාශ්‍ර තිබෙන්නේ අනුරාධපුරය ආශ්‍රිතවයි. මේ නිසා සිංහල සිසු සිසුවියන් කන්ඩායමකට මැදිව මේ නංගිත් අනුරාධපුරයේ අධ්‍යාපනික ගවේෂනයකට ගිහිල්ලා. Continue reading
මුස්ලිම් කාන්තාව ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විඳින චරිතයක්ද? KKK ට පිළිතුරු 3
ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විදින චරිතයක් වශයෙන් යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි. Continue reading
මුස්ලිම් කාන්තාව පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක්ද? KKK ට පිළිතුරු 2
ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක් හෙවත් යන්ත්‍රයක් ලෙස යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි. Continue reading
මුස්ලිම් කාන්තාවන් යනු ළමයි හදන මැෂිමක්ද? KKK ට පිළිතුරු 1
ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ළමයින් හදන මැෂිමක් හෙවත් යන්ත්‍රයක් ලෙස යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි. Continue reading
ෆර්දාව ගලවා ඇතුළු වන්න
පසුගිය දිනක ඉස්ලාමීය පුවත් පතක ලිපියක් කියවන්නට ලැබුණි. එම ලිපියෙහි අන්තර්ගතය සමාජ සංවාදයකට හරවත් මාතෘකාවක් බැව් මා දුටු නිසා එය මෙම බ්ලොග් අඩවියේ පල කිරීමට තීරණය කළෙමි.
ෆර්දාව ගලවා ඇතුළු වන්න
තාප්පයක තිබෙන දැන්වීමක සඳහන් වුයේ උපකාරක පන්ති පිලිබඳවයි. මගේ දරුවාද උපකාරක පන්තියකට දැමීමට තීරණය කර සිටි නිසා දරුවා එම පන්තියට දැමීම සඳහා ගියෙමි. එම පන්තිය පැවැත්වෙන්නේ ආගමික සිද්ධස්ථානයකය. එහි ඇතුළු වන ස්ථානයේම මෙලෙස සඳහන්ව තිබුණි. Continue reading












