පුංචි කාලේ අපේ ගෙවල් පැත්තෙ හිටිය සිරියා උදේ පාන්දරම ජැන්ඩි පහට ඇඳගෙන ටවුමට යන්නේ රේස් බුකියටයි. එහි ගොස් රේස් පත්තරේ ගත්ත වෙලාවේ සිට එයා පැය ගාණක් මූණ ඔබාගෙන සිටින්නේ රේස් පත්තරය දෙසයි. දැන් කාලේ රේස් බුකියට යන සිරියා ලා දකින්නට නැති වුනත් ෆේස් බුකියට යන අය නම් ඕනෑ තරම්ය. ඉස්සර රේස් බුකියට ඇබ්බැහි වුනාසේ දැන් කට්ටිය ෆේස් බුකියට ඇබ්බැහි වුනාදෝහොයි මට සිතේ. Continue reading
Tag Archives: මූණු පොත
ආගම්බේධවාදීන්ට කටු අණින ඉෆ්තාර් – දිනයේ උපවාසය අවසන් කරන සහජීවන වැඩසටහන්
ලංකාව තුල රමදාන් මාසයේ ඉෆ්තාර් හෙවත් දිනයේ උපවාස ශීලය අවසන් කිරීමේ වැඩසටහන් වලට මුස්ලිම් නොවන අයද සහභාගී කරගෙන කිරීම දැන් ඉතාමත් ජනප්‍රිය දෙයක් වෙලා අවසන්. ඇත්තටම මෙවැනි වැඩ සටහන් තුලින් සිදුවන්නේ මේ රටේ සිංහල, දමිල සහ මුස්ලිම් ජනවර්ග අතර සංහිඳියාවක් ගොඩ නැගීමයි. නමුත් දැන් ඒ තුලින්ද සමහරුන්ට රිදී ඇති බැව් පෙනෙන්නට තිබෙනවා. ඒ රට ජාතිය බේධ බින්න කරන්නට වලිකන ආගම්බේධවාදීන්ටයි. Continue reading
හරක් මස් ගැන ඇත්ත කථාව පට්ටපල් බොරුවක්ද?
Dharma jala නම් කෙනෙක් විසින් මූණු පොතේ දමා තිබුණු පිංතුරයක හරක් මස් ගැන ඇත්ත කථාවක් යනුවෙන් සටහනක් තිබුණා. ඇත්තටම හරක් මස් ගැන දැන් අපි ඕනෑවටත් වඩා කථා කරලා ඉවරයි. එයට එරෙහිව තිබුණු සියළුම තර්ක බිඳලත් අවසානයි. නමුත් මේ සටහන තුල ජනතාව නොමග යැවීමක් පෙනෙන්නට තිබුණු බැවින් එයට පිළිතුරු දෙන්නට සිතුවෙමි. ඔබට දැක ගැනීමට එම පිංතුරය පහත දක්වමි. Continue reading
හජ් වතාවත් වෙනුවෙන් කිරි අම්මලා ඝාතණය කරනවාද?
මා මෙම ලිපිය ලියන්නට හේතු වුණේ face book හි පලවු ඡායාරූපයක වදන් කිහිපයක් දැකීමෙනි. එනම් හජ් වතාවත් වෙනුවෙන් කිරි එළදෙනුන් මරා ඇති බවට පලවු වැරදි සටහනක් දැකීමෙනි. මෙවන් ඡායාරූප සහ සටහන් මුණු පොතේ පලවන්නේ හුදෙක් ගව ඝාතනය වැලැක්වීම උදෙසා නොව තමන්ගේ අන්තර්ජාලය තුල පොරක් වනු දැකීමේ මන්ද මානසික අභිලාශය ඇති අය නිසා බව අපට වැටහී තිබෙන කරුණකි. නමුත් මේ තුලින් සමාජයට යන්නේ වැරදි අදහසකි. Continue reading
දන්පින් කළ යුත්තේ කෙසේද?
දහම් පානදුර නම් අයෙක් මුණු පොත හෙවත් face book එකේ බෙදා share ගෙන තිබු පෝස්ටරයක් මම දැක්කා. ඒකේ තිබුණේ දන්සලක දානේ බෙදන මුස්ලිම් වරයින් සිටින දර්ශනයක්. එහි පහලින් මෙසේ ලියා තිබුණා. “බෙදන බත් පතේ ආගම් ජාති බේධයක් නැතිව කුස පිරෙනවා. ඔබේ දෑතට දීම හුරුකළ බෞද්ධ අපට ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි හැමදාම මෙහෙම සතුටින් ඉමු.” Continue reading




