බොදු බල සේනාවට ඇති සම්බන්ධකම් සහ නෝර්වේ සමග ඇති විශේෂ සම්බන්ධය කුමක්දැයි අප විසින් කලක පටන් විමර්ශනය කරගෙන යන කරුණකි. එහිදී මට කරුණු කිහිපයක් අනාවරණය විය. එහි සියළුම විමර්ශන අවසන් වනතුරු නොසිට මේ ලිපිය ලියන්නට සිදුවුයේ 2013 පෙබරවාරි 19 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බොදු බල සේනා සංවිධානය සමග නෝර්වේ තානාපති වරයාගේ සහසම්බන්ධය ගැන ප්‍රකාශයක් කර ඇති නිසාය. Continue reading
Tag Archives: රාජ්‍ය නොවන සංවිධාන
“ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැත” පුවත විමසුමක්
මා මෙම ලිපිය ලියන්නට සිතුයේ “ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැතැයි ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යාපන එකකයේ අධ්‍යක්ෂිකා මානව විද්‍යාඥ මධූෂා දිසානායක මහත්මිය පවසයි” යනුවෙන් මිරර් වෙබ් අඩවිය විසින් සිය අඩවිය තුල පලකළ පුවතක් දුටු නිසාවෙනි. මිරර් වෙබ් අඩවිය පවසන්නේ ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක ලබාදෙමින් මේ බව පවසා ඇති බවයි. Continue reading
ගබ්සා පනත සංශෝධනයට එරෙහි වීම කාදිනල් මග ගැනීමක්ද?
මා මෙම ලිපිය ලිවීමට හේතුව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකට අයත් වෙබ් අඩවියක් විසින් ගබ්සා පනතට එරෙහි වීම යනු කාදිනල් මග ගැනීමක් බවට ලිපියකින් පල කිරීම නිසාය. ගබ්සාවට එරෙහිව මා විසින් පලමු වරට මාධ්‍ය වෙත ලිපියක් ලියුවේ මීට වසර 5 කට පමණ ප්‍රථම ඉස්ලාමීය සඟරාවකටයි. මා එසේ ලිවීමට හේතු පාදක වුයේ මා දන්නා තරුණියක් ඇගේ අකමැත්තෙන් වුවද දෙපාර්ශවයේම දෙමව්පියන්ගෙන් ඇතිවු බලපෑම් නිසා ගබ්සාවකට ස්වකීය ස්වාමි පුරුෂයා විසින්ම රැගෙන ගිය බව ආරංචි වීම නිසාය. Continue reading
ගබ්සා නීතිය සංශෝධනය ගැන ජන මතය විමසීම
ගබ්සා නීතිය සංශෝධනය කිරීම ගැන පහුගිය කාලයේ ලොකු රාවයක් පැතිරී තිබුණා. මේකට අන්වර් මනතුංග බ්ලොග් එකෙනුත් අපේ අදහස් ඉදිරිපත් කළා. දැන් ඒක ගැන ගබ්සා නීතියේ සංශෝධනයක් විය යුතුද යන්න පිළිබඳව ජනතා අදහස් ලබා ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දුෂණයට ලක්ව ගැබ්ගත් කළල, සමීපතම ඥාතියෙකු නිසා ගැබ්ගත් කළල, වයස අවුරුදු 18ට අඩු දැරියන් හා ජාන විකෘති ඇති අබාධ සහිත කලල කුස දරා සිටින කාන්තාවන් වෙනුවෙන් ගබ්සාව අනුමත කෙරෙන නීති සංශෝධනයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව ජනතාවගේ කැමැත්ත මෙහිදී විමසා බැලීමට නියමිතය. මෙයින් නියම ජනතා අදහස ඉස්මතු වෙයිද? යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. Continue reading
ඊජිප්තුවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 27කට නඩු
1979 වසරේදී ඉරාන විප්ලවයෙන් බලයට පත් අයතුල්ලාහ් කොමේනි කළේ එම රටේ විවිධ කටයුතු උදෙසා පැමිණ නැවතී සිටි සියළුම ඇමරිකානු ජාතිකයන්ට වහාම එම රටින් පිටවීමට අණ කිරීමයි. මෙය කොමේනි විසින් ගණුලැබු ඉතාමත් දරුණු සහ හිතුවක්කාර තීරණයක් බවට එකල තිබුණු බටහිර මාධ්‍යයන් විසින් විවේචනයට ලක්කරන ලදී. නමුත් ඔහු විසින් ගන්නා ලද එම තීරණය සම්පුර්ණයෙන්ම යහපත් එකක් බවට පසුකාලීණව තේරුම් ගියේ එමගින් එකල ඉරානයේ ක්‍රියාත්මකව සිටි ඇමරිකානු ඔත්තුසේවය වන සී.අයි.ඒ ජාලය සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වීම නිසාවෙනි. එකල සී.අයි.ඒ විසින් ලොව බොහෝ රටවල් අවුල් වියවුල් ඇති කරමින් අකර්මන්‍ය කරන ලදී. වර්තමානයේද ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන ජාලය හරහා ලොව බොහෝ රට වලට බලපෑම් එල්ල කිරීම සහ එම රටවල අවුල් වියවුල් ඇති කිරීමට ඇමරිකානු රජය ප්‍රමුඛ සී.අයි.ඒ චෞරයන් විසින් සිදු කරති. Continue reading
ඔබේ දරුවා සමලිංගිකයන්ගෙන් බේරා ගන්න
ආසියාතිකයන් වශයෙන් අප ලිංගිකත්වය වැනි කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට ලැජ්ජාවක්, මැලිකමක් දක්වයි. මෙය අපේ සභ්‍යත්වයට අදාල වු කරුණකි. නමුත් බටහිර රටවල් විසින් ඔවුන්ගේ දරුවන් කුඩා වියේදීම ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ දරති. මෙය ඔවුන් විසින් යුගයේ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන සිටිති. නමුත් මගේ අදහස නම් බටහිර රටවල් තම දරුවන්ට ලබා දෙන්නට උත්සාහ දරන ලිංගික අධ්‍යාපනය අවශ්‍යතාවයට වඩා ඉදිරියට යාමක් (Too much) ලෙසයි. එමෙන්ම ආසියාතික අප ලිංගික දැනුම කෙරෙහි ලැජ්ජාශීලි සහ උකටලී වීමද අනෙක් පසින් අන්තවාදයක් ලෙස අපට ගිණිය හැක. ලිංගික දැනුම සම්බන්ධව මෙම අන්ත දෙක අතර මධ්‍යස්ථ ස්ථාවරයක් කරා අප එළඹිය යුතු බව මගේ අදහසයි. මෙම ලිපියේ අරමුණ සමලිංගික සබඳතා කරුවන් අරබයා විවෘත සංවාදයකට එලඹීමයි. Continue reading
කුඩු වලට ඇබ්බැහි වු බන්ධනාගාර රැඳවියන්ට කුඩු මත නැති කරන්න සිගරට් බීඩි අවශ්‍යමද?
පසුගියදා මැගසින් බන්ධනාගාරයේ ඇතිවු ගැටුම සම්බන්ධව තැබු පරීක්ෂණයේ ප්‍රථිඵල ගැන කථා කළ පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පවසා සිටියේ තමන් කුඩු වලට ඇබ්බැහි වී සිට එකපාරටම එය අත්හැරීම අසීරු නිසා අඩුම ගණනේ සිගරට් සහ බීඩි වත් බන්ධනාගාරය තුලට ගෙන ඒමට අවසර දෙන ලෙසට එහි සිටින මත්කුඩු වලට ඇබ්බැහි වුවන් ඉල්ලා සිටි බවයි. Continue reading


