මා විසින් ඊයේ දිනයේ ඉංග්‍රීසි වෙබ් අඩවියට ලිපියක් පලකරමින් අසා තිබුණේ ලංකාවේ ජාතිබේධය පැතිරවීමට රජය හවුල්ද? යන්නයි. එහිදී මා පෙන්වා දුන්නේ පවතින රජය මෙම ජාතිවාදීන්ට සෘජුව සහය නොදක්වන නමුදු ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සීතල ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. ඊයේ මහරගම නෝලිමිට් වෙලඳ ආයතනය අභියස සිදුවු සිදුවීම තුලින්ද එය ඔප්පු වු බව මගේ අදහසයි. Continue reading
Tag Archives: ලංකා සී නිවුස්
හකීම්ට ඉන්න බැරිනම් ආන්ඩුවෙන් යන්න කියන්න අයිතිය ඇත්තේ කාටද?
මට මෙම ලිපිය ලියන්නට සිත්වුයේ ලංකා සී නිවුස් විසින් පලකර ඇති පුවතක් කියවු අවස්ථාවේදීයි. එනම් 2012 සැප්තැම්බර් මස 14 වැනිදා පෙරවරු 9.40 ට පලවු “මුස්ලිම් කොංග්‍රසය ජිහාඩ් එක වගේ, හකීම්ට ඉන්න බැරිනම් ආන්ඩුවෙන් යන්න” නම්වු මාතෘකාවෙන් පලවු පුවත නිසාවෙනි. Continue reading
උපවාස කරනු ! නැත්නම් පිටුවහල් – සෞදි රජය මුස්ලිම් නොවන්නන්ටද අනතුරු අඟවයි – ලංකා චී නිව්ස් පුවත ඇත්තක්ද?
ඒ ගමන චී නිවුස් විසින් යැංකි මාධ්‍ය වල සිංහල ඒජන්ත භාවය ලබාගෙන ඇති සෙයකි. ඒ නිසා කලින් ක්‍රිස්තියානි ඒජන්තයන්ට කඩේ ගිය (http://www.anvermanatunga.com/2012/03/19/lanka-c-news-reply/) චී නිව්ස් මෙවර රෙදි ගලවාගෙන යැංකින්ටම කඩේ යන්නට පටන්ගෙන තිබේ. ඒ පුවත කුමක්දැයි ඔබගේ දැනගැන්ම පිණිස පහත පලකරමි. Continue reading
සී නිවුස් Comment රැළ සහ බලු මාධ්‍ය සම්ප්‍රදාය
ඉස්සර අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් හිටියා. එයාට අක්කර කිහිපයක වත්තක් තිබුණා. ඒ වත්තේ නැති දෙයක් නැහැ. පලතුරු ජාති සහ ගඩා ගෙඩි ඕන තරම් තිබුණා. මේ අංකල්ට හිටියේ එක දරුවයි. එයත් ඉගෙන ගන්නද ගිහින්ද කොහෙද රට හිටියේ. ඒ නිසා ගෙදර හිටියේ මහ දෙන්නා විතරයි. ඒ වත්තේ ගස්වල ගෙඩි පිරිලා තියෙන කොට අපිට බලාගෙන ඉන්න අමාරුයි. ගල් පාරක් හරි දෙන්න හිතෙනවා. එක ගලක් ගැහුවා නම් ගෙඩි කිහිපයක් බිම වැටෙන එක ෂුවර්. Continue reading
ලංකා සී නිවුස් හොට් නිවුස් නැති නිසා ක්‍රිස්තියානි ඒජන්තයන්ට කඩේ යයි.
මේ දිනවල ලංකා සී නිවුස් වෙබ් අඩවියට හිට් වෙන හොට් නිවුස් නැත. ඒ නිසා ඔවුන්ගේ පැරණි ජරා පුරුදු වලට නැවත ගොස් ඇත. ඒ අනෙක් ආගම් අපහාසයට ලක්වන පුවත් පලකර ඔවුන්ගේ ආගම්වාදී කමෙන්ට් කල්ලියෙන් ඒ ආගම් පට්ට ගස්සවා ගැනීමයි. ඔවුන් අද දින අළුයමද එවැනි පුවතක් පලකර ඇත. Continue reading
බුදු දහමට අපහාස කරගන්නා ලංකාසී නිවුස් වෙබ් අඩවිය නබිතුමාටත් උනේ මට වුන දේ – රනිල්ගේ ප‍්‍රකාශයට ‘ජමිතුල්උලමා’ විරෝධය පුවත පලකරමින් ඉස්ලාමයටද අපහාස කරයි.
ජනමාධ්‍ය යනු වගකීම් සහගත ක්ෂේස්ත්‍රයකි. මා එසේ කීමට ප්‍රධානතම හේතුව නම් ජනමාධ්‍ය තුලින් සමාජයක ජන විඥානයට කළ හැකි බලපෑම ඉතා ප්‍රබල වීමයි. එම බලපෑම සමාජයට හිතකර වේ නම් එහි කිසිදු ප්‍රශ්නයක් පැන නොනගී. නමුත් එතුලින් සමාජයට අහිතකර දේ ජන විඥාණය තුලට ඇතුළු වේ නම් එය විශාල ප්‍රශ්නයකට සහ සමාජ අර්බුධයකට හේතු වනු නියතය. ඒ නිසා ජනමාධ්‍ය ක්ෂේස්ත්‍රයේ නියැලෙන්නන් මේ පිළිබඳව සිතාබලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් සහ කාලෝචිත කරුණකි. මම මේ පුර්විකාව ලිවීමට ප්‍රධානතම හේතුව මාතෘකාවෙහිම දක්වා ඇත. Continue reading
බිලාල් ෆිලිප්ස් යනු අන්තවාදී ඉස්ලාමීය පුජකයෙක්ද?
මෙම ලිපිය ලිවීමට පාදක වුයේ 2012 පෙබරවාරි 5 වන දා උදේ 9.23ට ලංකා සී නිවුස් වෙබ් අඩවියේ ‘වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් බ්ලාස්ටර්’ ශ‍්‍රී ලංකාවට යන සිරස සහිතව පලවු පුවත් පතේ මෙසේ සඳහන් වීමයි. (උපුටා ගැනීම)
ඉස්ලාම් පුජකයන්ගෙන් රජය සමාව ගත්තාද?
පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වුයේ මුස්ලිම් සංවිධානයකින් මෙරටට පැමිණි 161 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නැවත පිටුවහල් වීමට නියෝග කිරීමයි. සමහර මාධ්‍යයන් තුලින් මුස්ලිම් සමාජයට ඉතාමත් නිර්දය ලෙස චෝදනා එල්ල කර තිබුණි. ඒවා නම්
තබ්ලීග් ජමාත් යනු අන්තවාදී ආගමික අදහස් පතුරවන සංවිධානයක්ද?
ලංකා සී නිවුස් වෙබ් අඩවිය විසින් 2012 ජනවාරි 22 දින ප.ව 1.27ට පලකරන ලද අන්තවාදී ආගම් පතුරුවමින් සිටි විදේශිකයන් 161ක් පිටුවහල් කෙරේ යන සිරස් තලයෙන් යුත් (http://lankacnews.com/sinhala/news/44131/) සහ හිරු එෆ් එම් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ 2012 ජනවාරි 22 ඉරිදා- පස්වරු 12:59 ට පලවු ආගම්වාදී විදේශිකයන් 161කට වැඩ වරදී (http://hirunews.lk/sinhala/26011) යන ප්‍රවෘත්තීන් කියවීමෙන් පසුව මට මෙම ලිපිය ලිවීමට සිත්විය.




