භික්ෂු කිරම විමලජෝති සහ දිලන්ත විතානගේ මහතාට යොමු කල විවෘත ලිපියක් ‘බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්’ යන නමින් පවත්වාගෙන යන මුහුණු පොත් පිටුවේ පලවිය. මෙය එම ලිපියේ සිංහල පරිවර්තනයයි. Continue reading
Tag Archives: වර්ගවාදය
බොදු බල සේනාවේ පිපිරීමක් අතලඟ!
බොදු බල සේනා සංවිධානයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර බල අරගලය එම සංවිධානය දෙකඩවීම දක්වා ව්‍යාප්තවී ඇතැයි වාර්තා වේ. Continue reading
පාටිය ජාති ආලය බයිට් එක මුස්ලිම්
කාලෙන් කාලෙට එක එක පැටන් වලින් වෛවාරන ඉස්ලාම් විරෝධී කැම්පේන් වලින් නම් අඩුවක් නැති ගාණයි. එහි ව්‍යාප්තියද එතරම් වේගවත් වන් අතර ඒ ට්‍රෙන්ඩ් එකේ ෆලොවර්ස්ලාගෙන්ද අඩුවක් නැත. එය ලංකාවේ වගේම ලංකාවෙන් පිටද විශේෂයෙන් ආසියාතික රටවල්වල දරුණුවටම ෆලෝ වෙන ට්‍රෙන්ඩ් එකකි. ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා ගන්නා රටවල්වල මෙම ට්‍රෙන්ඩ් එක අදහන සයිස් එකටම මෙය වැටී ඇත. Continue reading
ජාති ආගම් විදියට වැඩ කරන ජනතාව බෙදන්න කිසිවකුට ඉඩ නොදිය යුතුයි – ලාල් කාන්ත
දැන් මේ දිනවල ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා ජිනීවාවලදී ඇමෙරිකාව ඇතුළු රටවල් 47 ක් එකතුවෙලා යෝජනාවක් ගෙනල්ල ඒක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 සමුළුවට ඉදිරිපත් කර සම්මත කරා. ඒකෙදි ඡුන්ද 25 ක් ලබාගෙන ජයග‍්‍රහණය කරා. 13 ක් විරුද්ධ වුණා. 8 ක් නිශ්ක‍්‍රීයව තිබ්බා. දැන් ඒ යෝජනාව සම්මත කිරීමත් එක්ක අපේ රටට මෙතනින් එහාට වෙන්නෙ මොකක්ද. ඒ පිළිබඳව රටේ පුරවැසියො විදියට අවබෝධයකට එන්න ඕන. අපි කරන්න ඕන මොකක්ද කියලා. Continue reading
මුස්ලිම්වරුණි, අනාගතය දකිමු! පෙර සුදානම නබි ආදර්ශයයි!
මා විසින් මීට වසර දෙකකට පමණ පෙර අන්තවාදීන් විසින් ඉදිරියේදී ලංකාව තුල මුස්ලිම් විරෝධයක් මතු කරන්නට ඉඩ ඇති බවට පැවසු විට මගේ බොහෝ මිතුරන් එය පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත් අද ඒ අයම ඔබ එදා පැවසු දේ නිවැරදි යැයි පවසති. එදා අප සුදානමින් සිටියා නම් අද අපට ඉතාමත් ලෙහෙසියෙන් අන්තවාදය පරාජය කළ හැකිව තිබුණි. මෙම ලිපියේ විමසුම නම් අප විසින් අනාගතය උදෙසා වර්තමානයේ කළයුත්තේ කුමක‍්දැයි විමසා බැලීමයි. Continue reading
ඊයේ කුලියාපිටිය නගරයේ පැවති හලාල් විරෝධී උද්ඝෝෂණය විමසුමක්!
ඊයේ (2013 ජනවාරි 24) කුලියාපිටිය නගරය තුල හලාල් සහතිකයට විරුද්ධව අන්තවාදී උද්ඝෝෂනයක් පැවැත්වුණි. මෙම උද්ඝෝෂනය කළ පිරිස කියා සිටියේ තමන් “සිංහල අපි” සංවිධානයෙන් බවයි. ඔවුන් කුලියාපිටිය නගරය මැදින් ගමන් කර හලාල් සහ මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් පාඨ කියමින් කෑගසන්නට විය. Continue reading
හෙළ උරුමය සහ බොදුබලසේනාව ජාතිවාදය අවුස්සමින් රට වනසනවා – බද්දේගම සමිත හිමි
බොදුබලසේනාව සහ ජාතික හෙළ උරුමය වැනි සංවිධාන විසින් ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කරමින් යළිත් මේ රට විනාශ කිරීමට කටයුතු කරන්නේ යැයි දකුණු පලාත් සභාවේ ආන්ඩු පක්ෂ මංත්‍රී බද්දෙගම සමිත හිමියන් පවසා ඇත. උන්වහන්සේ මේ බව වදාරා ඇත්තේ දකුණු පලාත් සභා රැස්වීම සභාපති කේ.ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු විටදීය. Continue reading
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මව්බිම ප්‍රවෘත්ති සාකච්ඡාව-විමසුමක්
මෙය, 2013 ජනවාරි මස 13 වැනි ඉරිදා “මව්බිම” පුවත් පත සමග ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව කරන්නාවූ සමාලෝචනයකි. මෙම සාකච්ඡාව ආරම්භයේ උන්වහන්සේ දැක්වූ යහ අදහස් පිළිබඳව පළමුව අපගේ ස්තුතිය ප්‍රකාශ කර සිටින්නට කැමැත්තෙමු. ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් මෙම ලිපියේ උපුටා දක්වා ඇත්තේ පුවත්පත් ලේඛකයා ඇසු ප්‍රශ්නය හා එයට ස්වාමීන් වහන්සේ විසින් දුන් පිළිතුරුය. Continue reading
ආගමික හා වාර්ගික අන්තවාදය හෙළා දකිමු!
මධ්‍යස්ත බෞද්ධ විද්වතෙකුගේ විශ්ලේෂණාත්මක විමසුමකි. මෙම ලිපිය සම්පුර්ණයෙන්ම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසින් අපගේ ලිපියකට එවු ප්‍රතිචාරයකි. එම ප්‍රතිචාරයේ අදහස් වල ඇති වැදගත් බව දුටු නිසා මෙසේ ලිපියක් ලෙස පලකරමු. Continue reading
සාමය සහ ගැටුම් නිරාකරණය (Peace & Conflict Resolution)
තිස් වසරක අමිහිරි යුද්ධයේ මතක සටහන් පසුකරමින් ශ්‍රී ලංකාව සාමකාමී අනාගතයක් ගොඩ නගමින් සිටිද්දී ලබා ගත් සාමය තව දුරටත් රැක ගැනීම පිලිබඳව අපේ අවධානය නිසි අයුරින් යොමු විය යුතුය. තවද සාමය සහ ගැටුම් නිරාකරණය යන සංකල්පය තුල කියවෙන “පොදු සතුරා” පිළිබධව සංකල්පය අද අපේ රටේ සාමය සහ ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීමට බෙහෙවින් රුකුලක් වනු ඇතැයි විශ්වාස කරමි. Continue reading
සිංහල-සලාගම කුලය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණයි! මෙරටට ගෙනවිත් තිබෙන්නේ පෙරිය මුදලි මරික්කාර්!!!
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අයිතිය ගැන සොයා යන ගමනේදී මට හෙළිවු තවත් කරුණක් නම් වත්මන් සිංහල සමාජයේ පවතින කුල වලින් කිහිපයක් ලාංකීය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණව මෙරටට පැමිණි අයගෙන් බිහිවු ඒවා බවයි. සමහර සිංහල කුල මෙරටට පැමිණ ඇත්තේ මුස්ලිම් වරුන්ටත් පසුව බව ඔබද මේ ලිපියට පෙර නොදැන සිටි බවට මට සහතිකය. Continue reading
ජාතියක මුලය සොයා ගිය පිය සටහනක්.
ලොව විශාලතම මිනිස් ඝාතන සිදු වුයේත්, අපේ රටේ බොහෝ ඇත්තෝ පාර්ලිමේන්තුවට යාමට මග පාදා ගත්තෙත්, අන්තර්ජාලයේ වැඩිම කතා බහට ලක් වුයේත්, රටවල් තුළ අභ්‍යන්තර යුද්ධ වලට මුල් වුයේත් “ජාතිය” නම් වු සංකල්පය නිසාය. ඉතින් මගේ මේ උත්සාහය ඒ “ජාතිය” නම් වු සංකල්පයේ උපත හෙවත් මුලය සොයා යෑමටයි. Continue reading
ජාතිවාදය, වර්ගවාදය, අන්තවාදය හා දේශපාලනය
මා විසින් මේ මාතෘකාව යටතේ කෙටි සටහනක් ඉදිරිපත් කිරීමට අදහස් කලේ කරුණු 2ක් මුල් කරගෙනය. ඉන් පලමුවැන්න මේ වදන් හී සැබෑ විග්‍රහය පාඨකයන් හමුවේ තබන්නටත් ඉන් අනතුරුව රටේ පැන නැගී ඇති වත්මන් අර්බුදය යම් දුරකට ඒ ඔස්සේ අවබෝධ කර දීමත් සඳහාය. Continue reading
තමලිනී පුනරුත්ථාපනය කිරීමට ගත් තීරණය යහපත්
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව ලෙස කටයුතු කළ සුබ‍්‍රමානියම් සිවගාමි නොහොත් තමලිනීගේ අකමැත්තක් නොමැතිනම් ඇය පුනරුත්ථාපනය කළ හැකි බව නීතිපතිවරයා විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හට ඊයේ (19 දා) දන්වා සිටි බව මාධ්‍ය මගින් වාර්තා විය. මෙය මා විසින් දකින්නේ රජය මගින් ගන්නා ලද ඉතාමත් යහපත් තීරණයක් ලෙසටයි. Continue reading
අවධානම අභියස පිස්සු කෙළීම
පසුගිය ජිනීවාහි මානව හිමිකම් සිද්ධි දාමය හෙවත් නාඩගම අවසන් වී ගෙවී ඇත්තේ ඉතාමත් කෙටි කලකි. මෙහිදී අපට අපේ රටේ මානව හිමිකම් සම්බන්ධව තිබෙන තත්වය ඉහල නංවා ගැනීමට වසරක කාලයක් ලැබී ඇත. මේ කාලය යනු ඇත්තටම පරිවාස කාලයකි. මේ පරිවාස කාලය තුලදී අපේ රටේ මානව හිමිකම් තත්වයේ ගුණාත්මක වර්ධනයක් නොපෙන්වුව හොත් අපට විරුද්ධව ඊලඟ සමුළුවේදී අපේ රටට එරෙහිව චෝදනාවන් එල්ල වනු නියතය. මේ අප රට ඉදිරියේ ඇති අවධානමයි. මේ දිනවල රටතුල තිබෙන කැලඹීම අන්තර්ජාතිකව අපගේ ප්‍රතිරූපය කෙරෙහි කොතරම් බලපාන්නේද? Continue reading
අසු තුනේ සිංහල දෙමළ කෝලාහලයට අසුවු අපේ රාමලිංගම් අංකල්
රාමලිංගම් අංකල් කුඩා කාලයේ අපේ ගෙවල් ළඟ පදිංචිව සිටි ද්‍රවිඩ ජාතිකයෙකි. ඇත්ත වශයෙන්ම ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් බව මා කුඩා කාලේ දැන ගත්තේද අසු තුනේ දෙමළ කෝලාහලය අවස්ථාවේදීයි. ඔහු ද්‍රවිඩ බව මා එතෙක් කල් නොදත්තේ ඔහු සැමවිටම කථා කළේ පැහැදිලි සිංහල නිසාත්, ඔහු විවාහ වී සිටියේ සිංහල කාන්තාවක නිසාත්, ඔහුගේ එකම පුත්‍රයාගේ නම සුමිත් නිසාත්ය. අනෙක් අතට ඔහුව හමුවන්නට කිසිදු ද්‍රවිඩ ඥාතියෙක් එනු මා කිසිදිනෙක නොදුටුවෙමි. Continue reading














