සෞදි අරාබියේ ජිදා නගරයේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක සේවකයන් 80 දෙනෙකු නෙරපීමට කටයුතු කර ඇති බව රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ‘මිරර්’ වෙබ් අඩවිය සමග පැවසීය. Continue reading
Tag Archives: විදේශ රැකියා
කුවේටයේදී පෙම් කිරීම වරදක්ද?
අපේ රටින් විදෙස් ගතවන බොහෝ දෙනෙකු විදේශයන්හි නීතිරීති තමන්ගේ රටේ මෙන් නොවන බව නොදනිති. මේ නිසා ඔවුන් එම රටවල් හිදී නොදන්නා වැරදි වලට දඬුවම් විඳීමට ලක්වීම වලක්වනු බැරි දෙයකි. මේ සම්බන්ධව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය තම අවධානය යොමුකළ යුතු බව මගේ අදහසයි. මේ එවන් සිදුවීමක් ගැන වු පුවතකි. Continue reading
වයස 30 ඉක්‌මවූ කතුන්ට පමණක් ගෘහ සේවයට රට යැමේ අවස්‌ථාව-ඇමති ඩිලාන්ගේ ප්‍රකාශය ගැන විමසුමක්
වයස අවුරුදු තිහ සම්පූර්ණ වූ කාන්තාවන් පමණක් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා යෑවීමට ඉදිරි කාලයේදී පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසා ඇත. Continue reading
මැදපෙරදිග ගෘහ සේවිකා ප්‍රශ්නයේ යථාර්තය
අපේ රටේ සිට ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් බහුතරයකට, එසේ විදෙස් ගත වීමට හේතුව ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ය. සමහර කාන්තාවන්ගේ පුරුෂයන් අධික බීමත් කමට ඇබ්බැහි වුවන්ය. තවත් සමහර කතුන්, ස්වකීය ස්වාමි පුරුෂයන් විසින් පොලියට ගත් ණය, පියවීමට නොහැකිව විදෙස් ගතවුවන්ය. තවත් සමහරු තමන්ගේ පුරුෂයාට ව්‍යාපාරයක්, නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේ අභිලාශයෙන් හෝ දරුවන් දීගතල දීමේ අරමුණින් විදෙස්ගත වුවන්ය. Continue reading
මැදපෙරදිග යන ලාංකික බොදුනුවන් බලෙන් මුස්ලිම් කරණවාද?
පසුගිය දිනක පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක මහතා විසින් සෞදියේදී අත්අඩංගුවට ගත් පී.පී. තුංගසිරි නැමැත්තා ගැන මාධ්‍යයට කරුණු දක්වා තිබුණා. අප ඒ ගැන පී.පී. තුංගසිරි සෞදියේදී පිළිම වන්දනාවකට අත්අඩංගුවට පත් වුයේ ඇයි? නම්වු ලිපියෙන් කරුණු දැක්වුවා. නමුත් ඒ මහතා විසින් කරන ලද එම ප්‍රකාශය විසින් වෙනත් මාධ්‍ය වලින් ප්‍රචාරය වුයේ තවත් කරුණුද සමගයි. එහිදී ඔහු විසින් චෝදනා කර ඇත්තේ සමහර හාම්පුතුන් විසින් අපගේ බෞද්ධ ශ්‍රමිකයන් බලහත් කාරයෙන් ඉස්ලාම් දහමට බඳවා ගන්නා බවයි. Continue reading
මැදපෙරදිග හාම්පුතුන් වැඩියෙන්ම කැමති අපේ රටේ කාන්තාවන්ට ද?
අපේ විමල් ඇමති තුමා මොන්ටිසෝරි කතා කියන්න හරි දස්සයි. ලංකා සී නිවුස් වෙබ් එක ඒවගේ කතා පලකරන්නත් හරි දස්සයි. මම ඇමති තුමාගේ කතා මේ බ්ලොග් එකේ කීප වතාවක්ම විවේචනය කරලා තියෙනවා. විමල් ඇමති තුමා මේ සැරේ මොන්ටිසෝරි ප්‍රකාශය කරලා තියෙන්නෙත් මොන්ටිසෝරි වලට බඩු බෙදන උත්සවයක ප්‍රධාන අමුත්තා වෙලයි. ඒ කතාවේ උපුටා ගැනීම මෙසේය. Continue reading
මැදපෙරදිග සිරගතවු අපේ ලේ 01
මැද පෙරදිග සිරගතව සිටි සමහර අපගේ සහෝදර සහෝදරියන්ගේ කථාවන් කිහිපයක් ලියන්නට සිත්විය. ඒ මෙම කථා වලින් ඔබටද ගතයුතු එමට ඇති බව මට සිතුණු නිසාය. මා විසින් දැනගත් එම සත්‍ය කථාවන් නම්ගම් වෙනස් කරමින් ලියමි. මේ කථා මාලාවෙන් අද මා ලියන්නේ මැදපෙරදිග රටක වසර පහක සිරදඬුවමක්, කස පහර 500ක් සහ රියාල් 50,000 ක වන්දියක් ගෙවීමට නියමවු අපේම සිංහල සහෝදරයෙක් ගැනයි. Continue reading





