Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දේශප්‍රේමය සහ මුස්ලිම් ප්‍රේමය!

දලයි ලාමා තුමා

දලයි ලාමා තුමා

මේ දිනවල ලංකාවේ මාධ්‍ය නිහඬතාවයක් පල කෙරේ. පොඩ්ඩක් හෝ සද්දයක් දමන්නේ ඥානසාර සහ විමල් වීරවංශයි. ඥානසාර කෙසේ හෝ නොර්වේ සල්ලි වලට වැදුණු මඩ සෝදා ගන්නට උත්සාහ දරන අතර විමල් වීරවංශ දේශප්‍රේමයට මුස්ලිම් ප්‍රේමයද එක්කර දේශපාලනික වාසියක් ගැනීමට තැත් දරයි. නමුත් විමල් වීරවංශ මහතාට අමතක වී ඇති දෙය නම් ලංකාවේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට මුල‍්වුයේ ඔහුගේම චක්ගෝලයන් විසින් පවත්වාගෙන යන සීනිවුස් වෙබ්අඩවිය බවයි. Continue reading

බොදු බල සේනාව දෙස සුබවාදී ඇසකින්

බොදු බල සේනා

බොදු බල සේනා

බොදු බල සේනාව විසින් කරමින් සිටිනු ලබන දේශපාලනය වනාහි අමුතු දෙයක් නොවේ. සීමාන්තික උන්නතිකාමීන් වූ පහළ පංතිකයන් දේශපාලන හිනිපෙතේ ඉහළ ඒම සඳහා ඉතිහාසය පුරාම ජාතිවාදය වපුරා තිබේ. කේ.එම්.පී. රාජරත්නගේ හෝ ඊටත් පෙර සිට චම්පික රණවක, විමල් වීරවංශ හරහා ගලගොඩඅත්තේ සාදු දක්වා සම්බොඩීස් බවට පත් වූ මෙවැනි නෝබොඩීස් පිළිබඳ උදාහරණ ඕනෑතරම් සොයා ගත හැකිය. Continue reading

ඊයේ මහරගම නෝලිමිට් අභියස ඇතිවු සිදුවීම විමසුමක්!

ඊයේ මහරගම

ඊයේ මහරගම

මා විසින් ඊයේ දිනයේ ඉංග්‍රීසි වෙබ් අඩවියට ලිපියක් පලකරමින් අසා තිබුණේ ලංකාවේ ජාතිබේධය පැතිරවීමට රජය හවුල්ද? යන්නයි. එහිදී මා පෙන්වා දුන්නේ පවතින රජය මෙම ජාතිවාදීන්ට සෘජුව සහය නොදක්වන නමුදු ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සීතල ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. ඊයේ මහරගම නෝලිමිට් වෙලඳ ආයතනය අභියස සිදුවු සිදුවීම තුලින්ද එය ඔප්පු වු බව මගේ අදහසයි. Continue reading

13 වන සංශෝධනය අහෝසි කිරීම බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට යළි අත වැනීමක් – ඇමති ඩිව් ගුණසේකර

ජේෂ්ඨ ඇමති ඩිව්

ජේෂ්ඨ ඇමති ඩිව්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (25 වැනිදා) පැවති මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප‍්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, 13 වන ව්‍යවස්ථා සංශෝධනය දැන්ම අහෝසි කිරීමේ අදහසක් රජයට නැතැයි පවසා ඇත. Continue reading

නබිනායකතුමන්ට අපහාස කරන වීඩියෝව ලංකාවේ අවහිර කල යුතුයි – ඇමති විමල් කටින් එකයි පක්ෂාගාතයෙන් තව එකයිද?

ඇමති විමල්

ඇමති විමල්

ඇමති විමල් වීරවංශ මහතා විසින් මුහම්මද් නබි තුමාණන්ට අපහාස කළ වීඩියෝව ලංකාවේ තහනම් කළ යුතු බව දැන් ඉල්ලා සිටියි. නමුත් එම වීඩියෝව ලංකාවේ අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීම සම්පුර්ණයෙන් භාරගෙන තිබුණේ ඔහුගේම සහචරයන් විසින් පවත්වාගෙන යන ලංකා චී නිවුස් වෙබ් අඩවියයි. Continue reading

මැදපෙරදිග හාම්පුතුන් වැඩියෙන්ම කැමති අපේ රටේ කාන්තාවන්ට ද?

ඇමති විමල්

ඇමති විමල්

අපේ විමල් ඇමති තුමා මොන්ටිසෝරි කතා කියන්න හරි දස්සයි. ලංකා සී නිවුස් වෙබ් එක ඒවගේ කතා පලකරන්නත් හරි දස්සයි. මම ඇමති තුමාගේ කතා මේ බ්ලොග් එකේ කීප වතාවක්ම විවේචනය කරලා තියෙනවා. විමල් ඇමති තුමා මේ සැරේ මොන්ටිසෝරි ප්‍රකාශය කරලා තියෙන්නෙත් මොන්ටිසෝරි වලට බඩු බෙදන උත්සවයක ප්‍රධාන අමුත්තා වෙලයි. ඒ කතාවේ උපුටා ගැනීම මෙසේය. Continue reading

ඇමෙරිකාවට රිද්දන්නේ කෙසේද?

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ඇමරිකාවට විරෝධය දැක්වීම් වස් ඇමරිකානු සන්නාම වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියේ සති කිහිපයකට ඉහතදීය. ඔහු මේ ප්‍රකාශය කළ පසුදාම මා විසින් අන්වර් මනතුංග බ්ලොග් අඩවියට අරාබියෙන් “ලාබෙට බා ගත්ත සටන් පාඨ කියන අපේ විමල් ඇමතිතුමා” යන උදෘතයෙන් ලිපියක් ලියමින් පවසා සිටියේ මෙය ඔහු විසින් මුස්ලිම් ලොවෙන් කොපි කරගත් ලාභදායී සටන් පාඨයක් බවයි. ඉන් පසුව රජයේ අමාත්‍ය වරුන් කිහිප දෙනෙකුම එම සංකල්පයට තදින් පහර දී තිබුණි. නමුත් විමල් ඇමතිතුමා විසින් ලංකාවේ මෙතරම් ඇමරිකාවට හිතවාදීන් සිටින බව තමන් නොදැන සිටි බව පවසා තිබුණි. ඔහුගේ අනුවණ සංකල්පයට විරුද්ධතාවය දැක්වු අපවැනි අය ඔහුගේ වාචාල මුඛය මුඛය මගින් නිර්ධය ලෙස පිටුදැක තිබුණි. වීරයෙක් මෙන් බොලඳ සංකල්පයක් ඉදිරිපත් කළ නිසා එය විවේචනය කිරීම හැර කිරීමට අන්කිසිවක් අප හට නොමැත. කෙසේ නමුදු ඇමෙරිකාවට රිදවන්නට අවශ්‍ය නම් කළ යුත්තේ කුමක්ද? යන්නටද අදහසක් දීමට මට සිත්විය. Continue reading

ඇමරිකාවට විරෝධය දැක්වීම සහ ඇමරිකානු භාන්ඩ වර්ජනය

ඇමරිකාවට විරෝධය දැක්වීමක් ලෙස ඇමරිකානු භාන්ඩ සහ සේවා වර්ජනය කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමති තුමා පවසා දැන් දින කිහිපයකි. ඔහු මෙම සංකල්පය එළිදැක්වු සැනින් මා විසින් එය අරාබිකරයෙන් අහුලා ගත් සටන් පාඨයක් බව පැවසුයේ ඇත්තටම ඇමරිකාවට විරෝධය දක්වන්න නම් කළහැකි සහ කළයුතු දේවල් රැසක් තිබියදී ඔවුන් මේ කරන්න යන ක්‍රියාවේ බොලඳ බව මා කල් තියාම දුටු නිසාවෙනි. දේශපාලනික වශයෙන් අප විසින් කළ යුතුව තිබෙන්නේ ඇමරිකාවේ ඔළුව අතගා හොඳ ටොක්කක් ඇනීමට උත්සාහ දැරීම මිස සෘජුව ඇමරිකාවට සතුරෙක් ලෙස පෙනී සිටීම නොවේ. Continue reading

ලාබෙට බා ගත්ත සටන් පාඨ කියන අපේ විමල් ඇමතිතුමා

විමල් වීරවංශ ඇමතිතුමා මේ ආන්ඩුව තුල යම් වෙනස් චින්තනයක් සහ බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙක් ලෙස මම සිතා සිටියෙමි. නමුත් ඔහු ඇමති ධූරයට පත්වු පසු ක්‍රමක්‍රමයෙන් ඔහුට අනන්‍ය චින්තනය අස්ථාවර වන බවක් පෙනේ. මේ බව හොඳින්ම පසක් වුයේ පසුගිය දිනක ජාතික නිදහස් පෙරමුණු රැළියකදී ඒ මහතා කල කථාවේ අදහස් ගෙන බලන කලය. ඒ මහතා මේ අදහස් පලකර ඇත්තේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි. Continue reading

අන්තර්ජාතිකව අපට එන ප්‍රශ්න හමුවේ උපායශීලී වීම

අන්තර්ජාතිකව අපේ රටට එන ප්‍රශ්න හමුවේ අපේ රට කටයුතු කරන්නේ උපායශීලීව නොවන බව මගේ අදහසයි. අපේ රජය විසින් ගන්නා ලද සමහර තීරණ සාර්ථක ඒවා වුවද අප බොහෝ විට ජාත්‍යන්තරව අප්‍රසාදයට ලක්වන්නේ අපේම වරදිනි. අපට වඩා ලොව බොහෝ රටවල් මානව හිමිකම් අතින් ඉතා පහත් තත්වයක සිටියද අපට මෙතරම් මානව හිමිකම් ගැන බටහිර රටවල් බලපෑම් කරන්නේද මේ නිසාවෙනි. Continue reading

වම නොදන්න වමේ අවුල සහ අපි නොදන්න ලයිව්

ජවිපෙ අභ්‍යන්තරයේ පැන නැගී තිබෙන අර්බුදය අරබයා පැන නැගී ඇති සංවාදය හමුවේ අමාත්‍ය විමල් වීරවංශ විසින් දේශනයක් පැවැත්වීම වනාහී ක්‍රියාදාම චිත්‍රපටයකට විහිළු කාරයෙක් ඇතුලත් කිරීම වැනිය. එහෙත් විමල් වීරවංශ භූමිකාව ජවිපෙ තුල මෙම අර්බුදය ඇතිවීමට මුලික හේතුවක් බව නම් පිලිගත යුතු සත්‍යයකි. Continue reading