Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

අණක් ගුණක් නැතිව වර්ජනය කරන්නෝ පාහරයෝය!

වර්ජනය

වර්ජනය

මෑතක සිට අපේ රටේ අධිකරණයට වර්ජන වලින් නම් ඉස්පාසුවක් නැති වී ඇත. අධිකරණ සේවා කොමිසමේ ලේකම් තුමාට පහර දීමක් සිදු වී ඇති බැවින් මේ දිනවලද වර්ජනයක් ක්‍රියාත්මක වේ. නමුත් මට මෙහිදී ආරංචි වු දෙයකින් පුදුමයට පත් වුනෙමි. එනම් අධිකරණය වර්ජනය තිබුණද නීතීඥ වරුන් විසින් සිය සේවාදායකයන්ගෙන් වෙනදා පරිදිම මුදල් අය කරන බවයි. Continue reading

අද මැයි දිනයයි, පාරේ යන්නේ බලාගෙනයි.

ලෝක කම්කරු දිනය

ලෝක කම්කරු දිනය

අද මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනයයි. ඉතිහාසයට අනුව මැයි දිනයේ ආරම්භය සනිටුහන් වන්නේ 1886 මැයි 1 වනදා ඇමරිකාවේ හේමාකට් චතුරශ්‍රයේය. එදින එම ස්ථානයට රැස්වු කම්කරු ජනයා ඉල්ලා සිටියේ දෛනිකව පැය 8 ක සේවා කාලයකි. නමුත් එය මර්ධනයකින් කෙලවර විය. පසුව 1889 දී ලෝක කම්කරු දිනය මැයි පලවෙනි දින වශයෙන් ආරම්භ විය. එදා පටන් මැයි පලවෙනිදා ලෝක කම්කරු දිනයයි. Continue reading

යු.එන්.පී යෙන් මැයි දින ඩබලක් නිසා කම්කරුවන්ට ෂෝක්ද?

මැයි දිනය

මැයි දිනය

මේ සැරේ යු.එන්.පී යෙන් මැයි රැළි දෙකක් පවත්වන බැව් වාර්තා වේ. එකක් නිල වශයෙන් යාපනයේදී පැවැත්වෙන අතර අනෙක නිල නොවන මට්ටමින් කොලඹදී පැවැත්වේ. යාපනේ පැවැත්වෙන්නේ යු.එන්.පී යාවජීව නායක රනිල් මහත්තයාගේ මුලිකත්වයෙනි. නිලනොවන කොලඹ එක පැවැත්වෙන්නේ සජිත් බේබිගේ මුලිකත්වයෙනි. කෙසේ වෙතත් මේ පලහිලව් මැද්දේ මැයි දිනේ ගැන ලියන්න මටත් හිතුණි. Continue reading

වැඩවරපල්ලා, වැඩවරපල්ලා හොඳටම වැඩවරපල්ලා

මා කුඩා කාලයේ අප ප්‍රදේශයේ ඉංග්‍රීසි නමකින් හැඳින්වුන කර්මාන්ත ශාලාවක් විය. මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයෙක් වුවද අපේ කාලයේ මෙම ආයතනයේ හිමිකරුවා වුයේ සිංහල කෙනෙකි. පසුව ඔහුගෙන් දරුවන්ට එය උරුම විය. මේ දරුවන්ගේ පාලන කාලයේ කර්මාන්ත ශාලාව තුල වැඩවර්ජනයක් දියත් විය. එම වර්ජකයන්ගේ ඉල්ලීම් පාලනාධිකාරියට දීමට අපහසු බව පැවසීම නිසා එය අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා දික් විය. මාස කිහිපයකට පමණ පසුව එම කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් එය විකුණා සේවකයන්ට වන්දි ලබාදී කර්මාන්ත ශාලාව වසා දමන ලදී. දැන් එම ස්ථානයේ තිබෙන්නේ සාප්පු සංකීර්ණයකි. මෙම සිද්ධියෙන් එහි සිටි සේවකයන්ට යම්කිසි වන්දියක් හිමිවීම නිසා ඔවුන් ආර්ථිකව යම් ස්ථාවරත්වයකට පත්වෙන්නට ඇත. නමුත් ඔවුන්ගේ එම ක්‍රියාව නිසා රටේ නිශ්පාදන ධාරිතාවයට අගයක් එක්කලාවු කර්මාන්ත ශාලාවක් රටට අහිමි විය. ඔවුන්ගේ බඩ වියත සුරැකුනද අනාගතයේ දරුවන් රැසකගේ බඩ වියත රැකුමට එම ආයතනය අද නැත. Continue reading