Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

‘ෆැෂන් බග්’ සමථය පිළිගන්න බෑ – රවුෆ් හකීම්

රවුෆ් හකීම්

රවුෆ් හකීම්

මුල් පෙළේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට පහර දී අලාභ හානි සිදු කළ බවට චෝදනා ලබන බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස නිදහස් කර යැවීමේ ‘නීත්‍යනුකුල භාවය’ අධිකරණ අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියි. Continue reading

කුරාණය පස්සට චින්තනය ඉස්සරහට රනිල් සොවින් මැසිවිලි නගයි!

රනිල් සොවින්!!!

රනිල් සොවින්!!!

නැගෙනහිර පලාත් සභා ඡන්දයෙන් මුස්ලිම් වරයෙකු මහ ඇමති වු පසුව ඒ පි‍ලිබඳව මා විසින් කිසිවක් නොකියා සිටින්නට තීරණය කළද දැන් එය වෙනස් කරන්නට සිදුවී ඇත. එයට හේතු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලනය වෙත කුරාණය ඈඳා ගැනීම නිසයි.   Continue reading

නැගෙනහිර පලාත් සභාවේ ඡන්ද ප්‍රතිපලය පවසන සත්‍යය කුමක්ද?

නැගෙනහිර

නැගෙනහිර

පලාත් සභා මැතිවරණය අවසන්වී අවසන් ඡන්ද ප්‍රතිඵල දෙස බලන විට පෙනී යන කරුණක් නම් සබරගමුව සහ උතුරුමැද පලාත් දෙක ඉතා පැහැදිලි අති බහුතරයක් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තද නැගෙනහිර පලාත් සභාව ජයගෙන ඇත්තේ ඉතාමත් අසීරුවෙන් බවයි. මෙහිදී සංධානය නැගෙනහිර පලාත ජයගෙන තිබෙන නමුදු පලාත් සභාව ගෙනයාමට තරම් තනි බහුතරයක් නැති තත්වයකට පත්ව ඇත. Continue reading

නැගෙනහිර පලාත් සභා මැතිවරණය කුමක්වේද?

ටී.එම්.වී.පී ලාංඡනය

ටී.එම්.වී.පී ලාංඡනය

මේ දිනවල බොහෝ දෙනෙකු බලා සිටින්නේ නැගෙනහිර පලාත් සභාවේ ඡන්දය දෙසයි. මෙවර මැතිවරණය තුල තියුණුම සටන තිබෙන්නේද නැගෙනහිර පලාත් සභාවේ ඡන්ද ව්‍යාපාරය තුලය. එමෙන්ම වැඩිම ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වන්නේද නැගෙනහිරින්මය. නැගෙනහිර පලාත් බලය සැමට තීරණාත්මක වී ඇත. සැමගේ අවධානය නැගෙනහිර බලය කුමන පාර්ශවයකට යාද? යන්නයි. Continue reading

මුස්ලිම් ප්‍රජාව ඊශ්‍රායෙල් තානාපති කාර්යාලකට විරුද්ධ ඇයි?

පලස්තීන දරුවන්ගේ අනාගතය?

පලස්තීන දරුවන්ගේ අනාගතය?

පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුල ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයක් පිහිටුවීමක් සම්බන්ධව තොරතුරු මාධ්‍යයන් තුල කථාබහට ලක්වුණා. මේ පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් විරෝධය පලකර තිබෙනවා. මෙලෙස ලංකාව තුල ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයක් ස්ථාපනය කළහොත් එය ලාංකීය මුස්ලිම් ප්‍රජාවගේ දැඩි හිත්වේදනාවට හේතුවක් වනු ඇති බව එම පක්ෂයේ ලේකම් හසන් අලි මහතා ප්‍රකාශ කර ඇත.ලංකාව තුල ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයක් බිහිකිරීම සම්බන්ධව මුස්ලිම් ප්‍රජාව විරුද්ධ ඇයි? යන්න‍ සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි. Continue reading

රන්ගිරි එෆ්.එම් ගුවන් විදුලිය තහනම් කළ යුතුයි-ඇමති රවුෆ් හකීම් පවසයි

රන්ගිරි එෆ්.එම්

රන්ගිරි එෆ්.එම්

පසුගිය සෙනසුරාදා රැස්වු පක්ෂ රැස්වීම තුලින් ගත් තීරණ මොනවාදැයි බීබීසී සංදේශය වැඩ සටහනට අදහස් දැක්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය පක්ෂයේ ස්ථාවරය ලෙස පවසා ඇත්තේ ආන්දෝලනාත්මක දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව අධිකරණයේ විමර්ශන තීන්දුවකට අනුව පමණක් ක්‍රියා කරන බවයි. මෙම ප්‍රශ්නය සම්බන්ධව පරිපාලනය විසින් දෙන තීරණ වලට සහයෝගය නොදෙන බැව්ද පවසන ලදී. Continue reading

නැගෙනහිර පලාත් සභාවේ බලය හිමි විය යුත්තේ කාටද?

නැගෙනහිර පලාත් කොඩිය

නැගෙනහිර පලාත් කොඩිය

මේ ලිපිය ලියන්නට පාදක වුයේ ලංකාසීනිවුස් වෙබ් අඩවිය විසින් අප්‍රේල් 17 වන දින නැගෙනහිර මහ ඇමති ධුරය මුස්ලිම්වරුන්ට දිය යුතුයි – මුස්ලිම් කොංග‍්‍රසය යන සිරස සහිතව පලකරන ලද පුවතකි. ‍මෙහි සඳහන්ව තිබුණේ ඉදිරියේදී එළැඹෙන පළාත් සභා මැතිවරණයකදී නැගෙනහිර පළාත් සභාවේ මීළඟ මහඇමති තනතුර ප්‍රදේශයේම මුස්ලිම් නියෝජිතයෙකුට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි යනුවෙනි. එම ප්‍රකාශය කර තිබුණේ එම පක්ෂයේ උපලේකම් නිසාම් කාරියප්පර් විසින් කල්මුණේ ප්‍රදේශයේ පැවති උත්සවයක බැව් සඳහන් වේ. එහිදී කථාකළ කාරියප්පර් මහතා මෙසේද ප්‍රකාශ කර ඇත. Continue reading