හලාල් සලකුණු ගැටළුව දැන් අවසන් වී ඇත. මුස්ලිම් අයට හලාල් ඉතිරිව ඇත. නමුත් සලකුණ නැත. මුස්ලිම් නොවන අයද සලකුණකින් තොරව වුවද කිසිදු අපහසුවකින් තොරව දැන් හලාල් වලඳති. මෙම සිදුවීමෙන් ප්‍රථිලාභ හිමිවුයේ කාටද? මෙම ගැටළුවේ ප්‍රධාන පාර්ශව දෙක වුයේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ එයට දොස් තැබු බොදු බල සේනාවයි. Continue reading
Tag Archives: සමස්ථ ලංකා ජමියතුල් උලමා
හලාල් සහතිකය ඉවත් කරගත්තාද? ඇත්තද? බොරුද?
අද පැවැත්වුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවේ පැවසු දෙය වැරදි අන්දමින් මාධ්‍යයන් විසින් ප්‍රචාරය කරන වගක් පෙනේ. ඒ මෙතෙක් කලක් ආන්දෝලනාත්මක කරුණක්ව තිබුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කරන හලාල් ලාංඡනය ඉවත් කර ගැනීමට එම සංවිධානය විසින් තීරණය කර ඇති බවයි. එය සැබවින්ම ඇත්තක්ද? මා විසින් එම සංවිධානයේ ප්‍රකාශකයෙකුගෙන් විමසා බැළුවෙමි. ඔහු පවසන්නේ මාධ්‍ය මගින් තොරතුරු විකෘති කර ඇති බවයි. Continue reading
සෙලින්කෝ ප්‍රොෆිට් ශෙයාරින් ආයතනයේ මගඩිය පෙන්වා ජමියතුල් උලමාවට මඩගැසීම විමසුමක්!
බොදු බල සේනාව විසින් පසුගිය කාලයේ ජමියතුල් උලමා සංවිධානයට හලාල් සලකුණ සම්බන්ධව නොයෙකුත් චෝදනා නැගුවද ඒ සියල්ල බොරු යැයි පසුව එළිවිය. එහෙත් ඔවුන් තවදුරටත් චෝදනා එල්ල කිරීම නවතා නැත. බොදු බල සේනාවේ උපාය නම් මෙලෙස දිගටම විවිධාකාරයේ චෝදනා නැගීමයි. ජමියතුල් උලමාවට පහර ගැසීම සඳහා බොදු බල සේනාවේ අළුත්ම ආයුධය නම් සෙලින්කෝ ප්‍රොෆිට් ශෙයාරින් මගඩියයි. Continue reading
හලාල් නවතීද? පුවත සහ ඊලඟ ජනපති සුට් එක මැසීම විමසුමක්!
ලංකාදීප පුවත්පත අද එනම් ඉරිදා දින පුවත්පතේ ප්‍රධාන මාතෘකාව ලෙස දමා තිබෙන්නේ “හලාල් නවතී” යනුවෙනි. මේ පුවත එලෙසම ඇමති විමල් වීරවංශ මහතාගේ සහචරයන් විසින් පවත්වාගෙන යනු ලබන ජාතිවාදී වෙබ් අඩවියක ප්‍රධාන පුවතට දමා තිබෙනු දක්නට ලැබුණි. මම මේ සම්බන්ධව සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් විමසා බැලුවෙමි. Continue reading
ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ!
ආගමික අන්තවාදීන් විසින් හලාල් සලකුණට සහ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව කටයුතු කරද්දී මුස්ලිම් සමාජයද තමන් සමග යැයි ජනතාව නොමග යැවීමට ලංකා ජමියතුල් උලමා සංවිධානය නමින් ප්‍රකාශ නිකුත් කරන්නට විය. මෙමගින් ඔවුන් අරුත් ගන්වන්නට උත්සාහ දැරුවේ මුස්ලිම් සමාජය දෙකඩ වු බවට ජනතාව නොමග යැවීමයි. කෙසේ වුවද දැන් එකී ලංකා ජමියතුල් උලමා සංගමයද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට සහය පලකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. මේ එම මාධ්‍ය නිවේදනයයි.
Continue reading
හලාල් සලකුණ රජයට පැවරීමෙන් කුමක් වේද?
හලාල් සලකුණු විරෝධය සම්බන්ධව මා විසින් අදහස් දක්වමින් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හලාල් නියාමන කටයුතු වලින් තාවකාලිකව ඉවත් විය යුතු යැයි යෝජනා කරද්දී මුස්ලිම් සමාජයේ විවිධ අයද මා සමග විරුද්ධ විය. ඔවුන් පැවසුවේ එතකොට අපි පරාජය භාර ගත්තා වෙනවානේ? යනුවෙනි. අප අත්පත් කරගත යුත්තේ හැඟීම් පුබුදුවන තාවකාලික ජයක් නොව මේ ප්‍රශ්නයට වඩා නිවැරදි දීර්ඝකාලීණ විසඳුමකි. මෙම ප්‍රශ්නය හදිසියේ පැන නැගුණාට එයට විසඳුම හදිසියේ ලබාගත නොහැකි බව මගේ අදහසයි. Continue reading
සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය!
සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ (ACJU) අවධානය මෑතකදී සංගමය විසින් පවත්වාගෙන යනු ලබන හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය හේතුකොටගෙන රටතුල විවිධ ජාතීන් හා ආගම් අතර මතබේධයන් ඇති කොට ජාතීන් අතර සාමය සහ සහජීවනයට ඇති වී ඇති අවධානම් හා තර්ජනාත්මක අභියෝගය කෙරෙහි යොමුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කිරීම කාලෝචිත වන බවට සංගමය තීරණය කර ඇත. Continue reading
අවුරුද්දට කලින් හලාල් සලකුණ ඉවත් කරන්න අන්තවාදී බලහත්කාරය විමසුමක්!
හලාල් සලකුණ ගැන ජමියතුල් උලමාවට විරුද්ධව තමන් නීතියට යන බව බොදු බල සේනාව විසින් මාධ්‍යට ප්‍රකාශ කරන ලද අවස්ථාවේ මම හැකි නම් එසේ කරල ලෙස අභියෝගයක් කළෙමි. නමුත් එය භාරගනු වෙනුවට දැන් බොදු බල සේනාව විසින් තමන්ගේ ස්ථාවරය වෙනස් කර ඇත. ඔවුන් නීතියට නොයා නැවතත් කැලෑ නීතියට ගොස් ඇත. එනම් හලාල් සලකුණ ඉවත් කිරීමට ජමියතුල් උලමාවට කල්දීමෙන් තර්ජනය කිරීමයි. Continue reading
එදා කොටි බදු ගැහුවා! අද හලාල් බදු ගහනවා! හෙළ උරුම ප්‍රකාශය ඔබේ විමසුමට
එල්.ටි.ටි.ඊ. නායක ප්‍රභාකරන් ආයුධ වලින් රට බෙදන්න තැත් කළාසේ ජමෙයිතුල්ලා උලමාවරුන්ගේ සංවිධානය හලාල් වලින් සමාජය බෙදීමට තැත් කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. මොවුන් මුළු රටේම සහ මුළු ලෝකයේම නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්‌ලාම්කරණය කරමින් සිටින බවත් අරාබි සංස්‌කෘතිය අප රටට ගෙන ඒම විශාල ගැටුමකට හේතුවක් වන බවත් හෙතෙම පැවැසීය. Continue reading
ඊයේ රාත්‍රී ටී.එන්.එල් රූපවාහිණි නාලිකාවේ විකාශයවු එලිච්චි වැඩසටහන විමසුමක්!
ඊයේ එනම් 2013 පෙබරවාරි මස 12 වැනිදා රාත්‍රියේ ටී.එන්.එල් නාලිකාවේ විකාශනය වු එලිච්චි වැඩසටහනට බොදු බල සේනාවේ කාන්ඩායමක් සහ මුස්ලිම් පාර්ශවයේ කන්ඩායමක් සහභාගී විය. මෙහිදී මුලින්ම කියවුනේ මෙම සාකච්ඡාවට ඔවුන් බලාපොරොත්තු වුයේ ජමියතුල් උලමා සංවිධානයේ නියෝජනයක් බවත්, නමුත් ජමියතුල් උලමා සංවිධානය විසින් ඒ ගැන ප්‍රතිචාරයක් නොදැක්වු බවයි. Continue reading
සමස්ථ ලංකා ජමියතුල් උලමා මාධ්‍ය සාකච්ඡාව 4 කොටස
සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ හලාල් කමිටු ප්‍රධානී මුර්ෂිද් මුලාෆර් මෞලවිතුමා විසින් වැඩිදුරටත් හලාල් සලකුණ අවශ්‍ය මන්ද? යන්න ගැන කරන ලද මනරම් විග්‍රහය ඇතුලත් සමස්ථ ලංකා ජමියතුල් උලමා මාධ්‍ය සාකච්ඡාවේ සිව්වැනි වීඩියෝම මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි. Continue reading
සමස්ථ ලංකා ජමියතුල් උලමා මාධ්‍ය සාකච්ඡාව 3 කොටස
සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ හලාල් කමිටුවේ ප්‍රධානී මුර්ෂිද් මුලාෆර් මෞලවි තුමා විසින් කථා කරමින් මෙලෙස පැවසුවා. හලාල් යනු අනුමැතිය ඇති යන්න තේරුම තිබෙන වචනයකි. හලාල් යනු ආහාර වලට පමණක් අදාල එකක් නොවේ. විවාහයේදීද හලාල් ස්ත්‍රියක් සහ හලාල් පුරුෂයෙක් විවාහ විය යුතුයි. Continue reading
සමස්ථ ලංකා ජමියතුල් උලමා මාධ්‍ය සාකච්ඡාව 2 කොටස
ජමිතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාව තුල ෆාදිල් ෆාරුක් මෞලවිතුමාගේ ප්‍රකාශය මෙසේයි. බෞද්ධ සමාජයේ සිටින ඉතා කුඩා අන්තවාදීන් පිරිසක් අපට චෝදනා නගන්නේ මුස්ලිම් වරුන් මෙරට සීතල යුද්ධයක් Cold war – Cool war කරන බවයි. එවැනි සීතලය යුද්ධයකට අප සම්බන්ධ නැත. එවැනි යුද්ධයකුත් නැත. Continue reading
සමස්ථ ලංකා ජමියතුල් උලමා මාධ්‍ය සාකච්ඡාව 1 කොටස
බොදුනුවන්ට ආධ්‍යාත්මිකව මගපෙන්වන්නට සිටින සංඝයා වහන්සේලා මෙන්, කිතුණුවන්ට සිටින පියතුමන්ලා මෙන්, හින්දු ආගමික කුරුක්කල් වරුන් මෙන් මුස්ලිම් සමාජයට ආගමික මගපෙන්වීම සඳහා ලංකාවේ පවතින සංවිධානය සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයයි. ආලිම් = ආගමික විද්වතා ය. උලමා යනු එහි බහු වචනයයි. Continue reading
රනිල්ගේ ‘හලාල්’ කතාව ගැන විමසුමක්!
සිංහල, මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීමට පවත්නා ඉඩකඩ අහුරමින් කටයුතු කළ යුතු බවත්, 1915 දී සිදුවූවාක් මෙන් අවාසනාවන්ත සිදුවීමක් යළි සිදුවීම ඉඩ නොදීම රජයේ වගකීමක් බවත් පසුගිය 2013 පෙබරවාරි 6 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාවේ සාරාංශය පහත දක්වමින් මගේ විමසුම ඉදිරිපත් කරමි. Continue reading
සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන්ට ඉතා දීර්ඝ ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. කුළු බඩු වෙළඳාම මුල්කර ගත් අරාබි වෙළඳූන්ගේ අවංකත්වය මෙන්ම ඔවුන් අතර ආක්‍රමනීය අදහස් නොමැතිකම දූටු සිංහල රජ දරුවන් විසින් ඔවුන්ට මෙරට පදිංචි වීමේ අයිතිය ලබා දෙන ලදී. වෙදකම “රණ ශූරත්වය” රාජ්‍යය තාන්ත්‍රික දැනුම” නාවික ගමනාගමනය ආදියෙහි විශේෂ නිපුනතාවයකින් යුක්තවූ මෙම නව රට වැසියන් සැබැවින්ම සිංහල රජ දරුවන්ට අති විශාල ශක්තියක් හා දායාදයක් විය. Continue reading
හලාල් මිථ්‍යාතව
මෙය මව්බිම පුවත් පතෙහි පලවු ලිපියකි. මැදහත් අදහස් ඇති අයෙකු විසින් ලියු ලිපියක් බැව් පෙනෙන නිසා එය මෙම බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි. මෙම ලිපිය පලකර තිබුණේ රටේ පැත්ත නම් කොටසේය. ලිපිය ලියා තිබුණේ මිගාර නම් ලේඛකයෙකු විසිනි. Continue reading
2013 ජනවාරි 6 වන ඉරිදා, ලංකාදීපයේ, තක්සලාව, පිටු අංක 24, යට කොටසෙහි පලවු ආගම්බේධය පතුරවන පිටුභාගයක දැන්වීම සම්බන්වයි!
මෙම දැන්වීම පලකර තිබෙන්නේ “බොදු පුබුදුව පදනම” නම් වු සංවිධානයක නමිනි. නමුත් එහි දුරකථනය අංකයක් මිස කිසිදු ලිපිනයක් සඳහන් නොවේ. “බොදු පුබුදුව සංවිධානයක්” ගැන අප මීට කලින් අසා නැත. “කතෝලික පුබුදුව” නම් වු සංවිධානයක් ගැන නම් අසා ඇත. කතෝලික පුබුදුව සංවිධානයෙන් කෙරෙන්නේ කතෝලික ආගමිකයන්ව දහම කෙරෙහි පිබිදීමක් ඇති කර දහමට නැඹුරු කරවීමයි. Continue reading
හලාල් සහතිකය හරහා ලබාගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට යාද?
බොදුබලසේනාව විසින් 2012 දෙසැම්බර් 31 වැනිදා මාධ්‍ය සාකච්ඡාව මගින් හලාල් සහතිකය සම්බන්ධව පැවසු කරුණු වලදී කොලේ වසා ගැසීමක් හෙවත් සාධක වසා චෝදනා කිරීමක් දක්නට ලැබෙන නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. මෙම මාධ්‍ය සාකච්ඡාව තුලින් බොදුබලසේනාවේ අන්තවාදී චීවරධාරීන් විසින් ACJU වෙත මඩ ප්‍රහාරයක් හීන් සීරුවේ එල්ල කර ඇති බැව් පැහැදිලිව පෙනෙන කරුණකි. Continue reading
හලාල් ප්‍රෝඩාවක්ද? ඇත්තක්ද? පාඨක ප්‍රතිචාරයකට පිළිතුරක්!
එක්තරා ප්‍රතිචාරයකදී මා විසින් කළ “ජාමියතුල් උලමා හෙවත් ආගම්ක විද්වතුන් අන්තවාදීන් බව පවසන්නට ඔබට සාක්ෂි සාධක තිබෙනවාද? හැකි නම් පෙන්වන ලෙස මම අභියෝග කරමි” යන ප්‍රකාශයට කපිල නැමැත්තෙකු පිළිතුරක් එවා ඇත. ඔහුගේ ප්‍රතිචාරයත් ඉන්පසුව මගේ පිළිතුරත් මෙසේ ලිපියකින් පෙලගැස්වීමට තීරණය කළෙමි. පලමුවෙන් ඔහුගේ ප්‍රතිචාරය උපුටා දක්වමි. පසුව ඔහු විසින් එල්ලකර ඇති චෝදනා වෙන වෙනම ගෙන ඊට පිළිතුරු සපයමි. Continue reading
විහාර දේවාලගම් පනත ඉරා දැමීම සහ හලාල් වර්ජන නාටක ගැන විමසුමක්!
බොදුබලසේනාවේ හලාල් වර්ජනය පුස්සක්ම වෙලා ගියා. හලාල් සහතිකයෙන් ඉවත්ව ගිය ආයතනයකුත් දැන් නැවත ඉල්ලුම්කරලා. මේ ගැන වැඩි විස්තර පසුව දන්වන්නම්. පසුගියදා ඒගොල්ලන් නැවත මාධ්‍ය සාකච්ඡාවක් තියලා විහාර දේවාලගම් පනත ඉරනවා දැක්කා. ඒගැන කවුරුත් කලබල වෙන්න ඕන නැහැ. මන්ද පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන් දැන් ඉන්න වලව්ව ඔහුට කෝටි ගණනකට විකුණුවේ බොදුබලසේනාවේ නායක ධූරය දරන හිමි නමමයි. Continue reading
හජ් උල්හිය්යා පිළිබදව සමස්ථ ලංකා ජමියතුල් උලමා සංගමයේ විශේෂ නිවේදනය!
‘උල්හිය්යා පිළිබඳව ෂරීආ පවසන මඟපෙන්වීම අනුව කටයුතු කරමු’
පෝය දින සඳදාට යෙදී ඇති හෙයින් එදින උල්හිය්යා කටයුතු නොකරන මෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ ඉල්ලා සිටියි.
බංගලාදේශ සිද්ධස්ථාන වලට හානි සිදුකිරීම, සමස්ථ ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනය තරයේ හෙලා දකී!
බෞද්ධ සිද්ධස්ථානවලට හානි සිඳුකිරීම, සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංසදය තරයේ හෙලාදකියි.
රාජගිරියේ ධාරුල් ඊමාන් මස්ජිදයේ නවතම තතු
කඩාකප්පල්කාරී අන්තවාදී පිරිසකගේ තර්ජන හේතුවෙන් වසා දමා තිබුණු රාජගිරිය ධාරුල් ඊමාන් මස්ජිදය ඊයේ නැවත නැමදුම් සඳහා විවෘත කර ඇත. ඒ පිළිබඳ විස්තර මෙසේය. පසුගිය 2012 ජුලි මස 19 වැනිදා බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ කරගත් පිරිසක්, රාජගිරිය ක්‍රීඩා පිටිය පාරේ, නොම්මර 18 ස්ථානයේ පිහිටි, ධාරුල් ඊමාන් මස්ජිදය ඉදිරිපිටට පැමිණ විරෝධය පලකරන්නට විය. ඔවුන්ගේ ඉල්ලීම වුයේ වහාම මෙම මස්ජිදය වසා දමන ලෙසයි. Continue reading
මුස්ලිම් පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?
“දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?” අන්‍යාගමික අංකල් කෙනෙක් මගෙන් ඇසුවේ නොදන්නා කරුණක් දැන ගැනීමට විය යුතුය. මමද “මොකද බැරි පූජකයන්ටත් කකුල් තියෙනවනේ?” යනුවෙන් අංකල්ද අඤ්ඤකොරොස් වෙන පිළිතුරක් පැවසුවද එම ප්‍රශ්නයෙන් මගේ සිතද අවදි වුවා. Continue reading
දඹුල්ල පල්ලි ප්‍රශ්නය සහ දවටගහ උද්ඝෝෂනය
ඊයේ සිකුරාදා දිනයේ දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව ලංකාවේ අනෙකුත් පල්ලි අභියස කළබල සිදුවේ යැයි දැඩි බියක් තිබුණි. මේ අරබයා කිසිදු උද්ඝෝෂණයකට නොයා සාමකාමීව අල්ලාහ්ට ප්‍රාර්ථනා කරන්නැයි සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කලින්ම නිවේදනය කරන ලදී. මෙයට හේතුව වුයේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් මුස්ලිම් අය අතර සිට යම් කලබලයක් ඇති කරන්නට ඉඩ තිබුණු බැවිණි. Continue reading
හෙට සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධව ජමියතුල් උලමා සහ මුස්ලිම් කවුන්සිල ඒකාබද්ධ නිවේදනය
හෙට පැවැත්වෙන සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයත්, සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
දඹුල්ල අර්බුදය උදෙසා සාමකාමී විසඳුමක් උදෙසා දුආ (දෙවිඳුන්ගෙන්) ප්‍රාර්ථනා කරමු. Continue reading
ඇමති හිස්බුල්ලා පැවසුවේ අසත්‍ය යැයි මුස්ලිම් කවුන්සිලය පවසයි
නියෝජ්‍ය ඇමති හිස්බුල්ලා විසින් පසුගිය අප්‍රේල් මස 23 වැනිදා දඹුල්ලේදී පැවසු ප්‍රකාශයක් වන “දඹුල්ලේ මුස්ලිම් පල්ලියට හානි කළා යැයි කීම බොරුවක් බවත් තමාද එම ස්ථානය පරීක්ෂා කළ බවත් එය ජනතාව නොමග යැවීමක්” බවටත් ප්‍රකාශ කරන ලදී. නියෝජ්‍ය ඇමති වරයා විසින් එම ප්‍රකාශය කළේ මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ ඉනාමළුවේ සුමංගල හිමි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම ප්‍රකාශය සාවද්‍ය එකක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සහ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය ඒකාබද්ධ ප්‍රකාශයක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. Continue reading




















