තිස් වසරක අමිහිරි යුද්ධයේ මතක සටහන් පසුකරමින් ශ්‍රී ලංකාව සාමකාමී අනාගතයක් ගොඩ නගමින් සිටිද්දී ලබා ගත් සාමය තව දුරටත් රැක ගැනීම පිලිබඳව අපේ අවධානය නිසි අයුරින් යොමු විය යුතුය. තවද සාමය සහ ගැටුම් නිරාකරණය යන සංකල්පය තුල කියවෙන “පොදු සතුරා” පිළිබධව සංකල්පය අද අපේ රටේ සාමය සහ ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීමට බෙහෙවින් රුකුලක් වනු ඇතැයි විශ්වාස කරමි. Continue reading
Tag Archives: සාමය
ඇයි මේ අවලාද?….. ඇයි මේ ජාතිවාද?….. අපට සාමයෙන් සිටිය නොහැකිද ?
සිදු වන සියල්ල දෙස මා උපේක්ෂාවෙන් බලා සිටිමි. අප මේ ගමන් කරන්නේ කොයි දිසවකටදැයි මට නොතේරේ. තිස් වසරක් තිබුණු යුද්ධයේ බියකරු බව මා අත්දැකීමෙන් දනිමි. තවම මා ඒ ගැන සිතමි. මගේ මතකය අදින් වසර 30 ඈතට දිව යයි. මම හැදී වැදුනේ කල්මුනේ. මගේ පියා කල්මුනේ විවධ සේවා සමුපාකාර සමිතියේ වැඩ පරීක්ෂක තනතුරට පත්වීම ලබා අපි එහි ගියේ මට යාන්තම් වයස 8 දී පමණ කාලයේ දී බැව් මතකය. Continue reading
රටේ නීතිය මැරබලසේනාවට යටයිද?
පසුගිය දිනක බංගලිදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති බොදුබලසේනාවේ උද්ඝෝෂනයක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලය තුල තිබී මම බාගත කළෙමි. මා එසේ කළේ මෙවැනි දේ අප විසින් සංරක්ෂණය කර තබාගත යුතු බැවිනි. Continue reading
ශ්‍රී ලංකා පකිස්ථාන ක්‍රිකට් තරගය පිළිබද සමස්ථ ලංකා ජමියතුල් උලමා නිවේදනය!
ශ්‍රී ලංකා පකිස්ථාන ක්‍රිකට් තරගය අතරතුර ආගම්බේධවාදීන් විසින් ජාතිබේධය ඇති කරන්නට ක්‍රියා කරන බව තොරතුරු සැලවී ඇත. මේ නිසා මෙම ක්‍රිකට් තරග ලෝලීන් අතර සාමය සමගියට කැමති සියල්ලෝම බුද්ධියෙන් යුක්තව කටයුතු කළ යුතුය. මේ ගැන සමස්ථ ලංකා ඉස්ලාමිය විද්වතුන්ගේ සම්මේලනය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. Continue reading
“පස්වේල් සලාතය සමාජ සමගියට බාධාවකි” – බුද්ධශාසන අමාත්‍යාංශයේ අළුත් සොයා ගැනීමක්!!!
“පස්වේල් සලාතය සමාජ සමගියට බාධාවකි” – බුද්ධශාසන අමාත්‍යාංශයේ අළුත් සොයා ගැනීමක්!!!
(ඉහත මැයෙන් ෆේස් බුක්හි දෙමළින් පළවූ ප්‍රවෘතියක් මවිසින් සිංහලට පරිවර්තනය කර එවා ඇත්තෙමි) Continue reading
දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු
මාංශ ආහාර අරබයා ගැටුම් ඇති කිරීමට බුදුරජාණන් වහන්සේගේ කාලයේද යම් යම් අය උත්සාහ කළා. විශේෂයෙන් ජෛන ආගමිකයන් මාංශ අනුභව නොකළ හෙයින් ඔවුන් එදා සමාජයේ විශාල ගාලගෝට්ටියක් ඇති කරන්නට උත්සාහ දැරුවා. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මස් මාංශ අනුභව කළ හැකි බවයි. Continue reading
දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩා දැමීම සහ පසු විපරම
වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දිනය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත. Continue reading





