සිංහල බෞද්ධ ජනතාවනි! ඔබලා අපගේ අයියලා බව කියවුනි; අපි මල්ලිලා බව සිතුවෙමු; ඔබලා අපට බිරියන් ලබාදුන් බව කියවුනි; අපි ඥාති සම්බන්දතා පැතුවෙමු; ‘මෙය සිංහල රටක් බව ඔබලා කීවත් රට බෙදා වෙන්කරලා අපටත් කොටසක් දෙන්නැයි කියා අප කිසිවිටකත් නොඉල්ලූවෙමු. ඇතැම් ආගමික විශ්වාසයන්, වත් පිළිවෙත් හා අපගේ භාෂාව හැර අන් කිසි දෙයකින් අපව ඔබලාගෙන් වෙන්කර නොදක්වයි. Continue reading
Tag Archives: සිංහල
ජාතිවාදය හා ශ්‍රී ලංකා රජය
ශ්රී ලාංකික මිනිසසුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වුන මෙම ආණ්ඩුව ලංකාවේ මෙම මොහොතේ සිද්ධ වෙන මෙම ජාති වාදී ප්‍රශ්නයට කිසිම විරුද්ධතාවයක් හෝ එකඟතාවයක් නොපෙන්වා සිටින්නේ ඇයි.?? පවතින රජය මෙම ජාතිවාදී ව්‍යාපාරයට එකඟතාවයක් නැහැ පවසන්නට බැරිය. එයට හේතුව රජය මෙයට පැහැදිලි විරුද්ධතාවක් නොපෙන්වීමයි. නමුත් බහුතර සිංහල ජනතාව මෙයට විරුද්ධ බව අප දනිමු. Continue reading
අන්තවාදය හා ශ්‍රී ලංකාවේ අනාගතය
අනාදිමත් කාලයක් පටන් අපේ රටෙහි පැවති ආගමික සහෝදරත්වය අද මිය යමින් පවතී. කුඩාවට වුවද අද එකිනෙකා අනෙකා දෙස බලන්නේ ජාතිවාදි කෝණයකිනි. සමහර අයට දිගු රැවුල, හිජාබය දිරවන්නේ නැත. ආගමික සිද්ධස්ථාන පහරදීම් වලට ලක්ව ඇත. අහිංසක ජනතාව නින්දා අපහාස වලට ලක්වී ඇත. Continue reading
හලාල් ලකුණ ඉවත් කිරීම ගැන සම අයිතිය ව්‍යාපාරය අදහස් දක්වයි
හලාල් ලකුණ ඉවත් කිරීමට පියවර ගැනීම පිළිබඳව සම අයිතිය ව්‍යාපාරයේ මතය ප්‍රකාශයට පත් කරමින් කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. හලාල් ලකුණ ඉවත් කිරීම ඇතැම් අන්තවාදී සංවිධාන විසින් සිංහල බෞද්ධයා ලැබූ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද එහි සැබෑ ප්‍රතිඵල තවත් නොබෝ දිනකින්ම දැන ගැනීමට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ. Continue reading
ළිං මැඩියො වගේ ජීවත් වන්න අපිට පුළුවන්කමක් නැහැ – වෙන්ඩෝල් අධිපති කියයි!
හලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හලාල් ලාංඡනය සඳහා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් ගෙවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. Continue reading
සිංහල මුස්ලිම් ගැටුමකට අර අඳින විජාතික බලවේග
බෙදුම්වාදී ත්‍රස්තවාදය බටහිර බලවේග අපේ රටට මැදිහත්වීම සඳහා පාවිච්චි කළ බළල් අතකි. ත්‍රස්තවාදය පාවිච්චි කරමින්ම උතුරු නැගෙනහිර වෙනම ඊලමක් නිර්මාණය කිරීමට ප්‍රයන්ත දැරූ විජාතික බලවේගය ජාතික බලවේගය විසින් පරාජය කරනු ලැබීය. එහෙත් අදටත් විජාතික බලවේග අපේ රටේ අභ්‍යන්තරයට ඇඟිළි ගැසීමේ අරමුණ පෙරදැරීව විවිධ වේෂ හරහා තම කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටී. දැනුවත් හෝ නොදැනුවත්ව අපේ ජාතික බලවේගද මේ කුමන්ත්‍රණයන්හි ගොදුරු බවට පත්වේ නම් එය අප විසින්ම අපේ විනාශය ළඟා කර ගැනීමකි. Continue reading
අමද්‍යප ව්‍යාපාරයෙන් බිහි වූ නිදහස් සටනේ නායකයෝ – නිදහස් සටනේ කතාව
සාර කෙත් වතු පිස හමා එන ඒ සුළඟ සශ්‍රිකත්වයේ සුළඟයි. නෙක මල් ඵල අතර දැවටී දියවරෙහි සිහිලසද රැගෙන එන ඒ සුළඟ ඉහළ නිල් අහසේ වලාකුළු අතර ද දැවටෙයි. ඒ නිදහසේ සුළඟයි. හැටපස් වසරක් පුරා පොළොව පිස හමන නිදහසේ සුළඟයි. Continue reading
ජාතික සමගිය බිඳීමට කිසිවිට ඉඩනොදෙමි – අගමැති දි.මු. ගම්පොළදී අවධාරණය කරයි!
ජාතික සහජීවනය බිද හෙළීම සඳහා විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන ගියද ඒ සියල්ල පාලනය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ප්‍රකාශ කළේය. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සුහදතාවයෙන් ජීවත් වුවත් ඔවුනොවුන් අතර ජාතිවාදී අර්බුද නිර්මාණය කිරීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. Continue reading
ජාතිවාදයට, ආගම්වාදයට මේ රටේ ඉඩක් නැහැ – ජනපති මහින්ද නිදහස් දින උත්සවයේදී පවසයි
ත‍්‍රිකුණාමලයේදී අද (04) පැවැති 65 වැනි නිදහස් දින රාජ්‍ය සැමරුම් උළෙළ අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ‍්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ප්‍රකාශ කරන ලදී. Continue reading
වැහුවම රෙදි කඩ – අඳනද අඳින්නේ ?
කහ රෙදි හැඳගත් පිරිසක් මහරගම නගරය මැදට ඇවිත් රෙදි සාප්පුවකට විරුද්ධව උද්ඝෝෂණය කරනු පසුගියදා මුළු දුපතම දුටුවේය. නිතර බණ පිරිත් ඇහෙන නගරයක සිදු කරන ලද එම උද්ඝෝෂණයට පැමිණි භික්ෂුන් අදාල ඇඟලුම් සාප්පුව වසා දමන ලෙස හඬ ගෑහ. ඔවුන් එම සාප්පුවට විරුද්ධ වී තිබුණේ එහි හිමිකරුවන් මුස්ලිම් ජාතික ප්‍රජාවට අයත් වීම නිසාය. Continue reading
ඉස්සර එකම ප්‍රශ්නය ප්‍රභාකරන් සහ දෙමළ ජනතාව! දැන් මුස්ලිම්වරු!
ලංකාවේ දිනපතා ප්‍රවෘත්ති අනුව අඩුම තරමේ මිනිස් ඝාතන දහයක්වත් අසන්නට ලැබේ. එසේ ඝාතනය කරන සහ එයට වගකිව යුතු අයගෙන් බහුතරය සිංහල බෞද්ධයන් බව නොරහසකි. මෙමගින් මා අදහස් කරන්නේ ඔවුන් අපරාධ කිරීමට හේතුව බොදුනුවන් බව නොවේ. රටේ බහුතරය බෞද්ධ නිසා අපරාධ කරුවන්ගෙන් බහුතරය බෞද්ධ වීම සාමාන්‍ය තත්වයකි. Continue reading
බස ගැන අනං මනං
සමහරු දේශය සහ ආගම කෙරෙහි දෙන ප්‍රමුඛතාවය භාෂාව ගැන නොදෙති. ඔවුන් කථා කරනවා නම් වැඩියෙන් කුණු හරපය. සමහරුන්ට සිංහලෙන් යතුරුලියනය Type කළ නොහැක. ඒ සඳහා උනන්දුවක්ද නැත. Google Sinhala Transliteration තුලින් සිංහල ඉංග්‍රීසියෙන් යතුරුලියනය කළ හැකි නමුත් එයටද උනන්දු නැත. නමුත් ඔවුන් අප සමග සටනට එන්නේ දේශය සහ ආගම රැක ගැනීමටයි. මොවුන් දේශයට සහ සමයට දක්වන ආදරය බසට නොදැක්වීම ගැන මට නම් ඇත්තේ මවිතයකි. Continue reading
ධර්ම ද්වීපයේ ඉරණම කුමක් වේද?
ධර්ම ද්වීපය හෙවත් දහම් දිවයින යනු අතීතයේ අප රට හැඳින්වු විරුදාවලී නම් වලින් එකකි. එහෙත් අද තරම් දම් දෙසුම් වත්, විචිත්‍ර ධර්ම දේශකයන් වත්, විසිතුරු ආගමික ස්ථානවත් එදා නොතිබුණි. එක දම්දෙසුමක් රටපුරා සියල්ලන්ටම එකවර අසන්න තරම් තාක්ෂණයක් එදා නොතිබුණි. නමුත් එදා ධර්ම ද්වීපය ලෙස කටපුරා කියන්නට හැකියාවක් තිබුණද අද එසේ නැත. Continue reading
ආගම හැරලු පමණින් අසිංහල වේද?
වසර පන්දහසකටත් අධික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ ලංකා ද්වීපයෙහි ප්‍රධාන ජාතිය වශයෙන් සිටින සිංහලයන් වන අප ජාතියක් වශයෙන් භේද බින්න කරවන සහ මුළු මහත් ජාතියම වඳකරවන උගුලකට හසුවී සිටින්නෙමු. මේ පිළිබඳව ජාතියක් වශයෙන් වගකීමකින් කටයුතු නොකරනවා නම් අනාගතයේදී සිංහල කියා ජාතියක් ඉතුරු නොවනු ඇත. Continue reading
සිංහල සහ මුස්ලිම් ජනතාව අතීතයේ සිට දැඩි විශ්වාසයකින් කටයුතු කළා – ජනපති පවසයි
අද අප්‍රේල් 11 වැනි දින පෙරවරුවේ නුවර එළිය නගරයේ නව තෙමහල් මුස්ලිම් පල්ලිය විවෘත කිරීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී කථාවක් කරමින් මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාව අතීතයේ සිටම දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කල බවත් එම විශ්වාසය බිඳිය නොහැකි එකක් බවත් පවසා ඇත. එතුමා වැඩි දුරටත් අවධාරනය කර ඇත්තේ අතීතයේ කන්ද උඩරට රජවරුන් පවා මුස්ලිම් භක්තිකයින්ට විශේෂ අනුග‍්‍රහයක් දක්වා ඇති අතර වර්තමානයේ ද එය එලෙසින්ම පවතින් බවත්ය. එතුමා විසින් කරන ලද ප්‍රකාශය අන්වර් මනතුංග බ්ලොග් අඩවිය විසින් ඉතා අගය කරන අතර එයට පහත සඳහන් පරිදි ඌන පුර්ණයක්ද ඉදිරිපත් කරමු. Continue reading
සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය
එරබදු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කියන්නාසේ එරබදු මල් පිපෙන කාලේ කොහාගේ හඬ ඇසෙන විට සිංහල අවුරුද්ද අත ලඟ බැව් අපට සිහිගන්වයි. ඒ සමගින්ම මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ ගයන ලයනල් රන්වලයන්ගේ හඬ සමග අනෙකුත් අවුරුදු ගීතයන් ගුවන් විදුලියෙන් ඇසන්නේ කොහාට නොදෙවෙනි අවුරුදු පණිවුඩයක් දෙමිනි. හැම මගුලක් ගැනම කථා කරන අන්වර් මනතුංග අවුරුද්ද ගැන කථා නොකලොත් එය අඩුවකි. ඒ නිසා මෙම ලිපියෙන් ලියවෙන්නේ අවුරුද්ද ගැනයි. Continue reading
සිංහල ව්‍යාපාර බිඳ වැටෙන්නේ ඇයි?
දිනක් මා විසින් යම් දෙයක් මිලදී ගන්නට පිටකොටුවේ මැලිබන් වීදියේ එවකට තිබුණු සිංහල වෙලඳ සැලකට ගොඩ වුයෙමි. මා එහි යන විට සවස 6.00 පමණ විය. එම කඩය වසන්නට ඔන්න මෙන්න කියා තිබුණි. මා ඇතුළු වත්ම එහි සේවකයෙක් පැවසුවේ කඩය වසා ඇති බවයි. එවිට මා තවම දොරවල් වසා නැති නිසා මට අවශ්‍ය දේ ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එවිට ඔහු පැවසුවේ පහන තබා ඇති බවත් පහන තැබූ පසුව වෙලඳාම් නොකරන බවත්ය. ඇත්තටම ඔහු පැවසු මෙම වෙලඳ ප්‍රතිපත්තිය කුමණ ආගමකට අයත් එකක්දැයි තවම නොදනිමි. වෙලඳ පොලවල් වලදී මිලදී ගැනීම් කරන විට මම මෙවැනි අත්දැකීම් රැසක් අත්විඳ ඇත. සමහර විට ඔබද එවැනි අත්දැකීම් ලැබ ඇති බවට සැකයක් නොමැත. Continue reading
භාෂා ප්‍රශ්ණයට විසඳුම කුමක්ද?
භාෂාව නිසා ඔයාලාට වෙලා තියෙන එක අසාධාරණයක් ගැන මට කියන්න පුළුවන්ද? මම මගේ දමිළ මිත්‍රයෙක්ගෙන් ඇසුවේ මේ පිළිබඳව ඔහුගේ අදහස් දැන ගන්නයි. එවිට ඔහු ඇසුවේ
සිංහලෙන් ඇඩ්‍රස් එක ලියපු ලියුමක් ලංකාවේ ඕනම තැනකින් රෙජිස්ටර් පෝස්ට් එකේ තැපැල් කරන්න පුළුවන්. දෙමළෙන් එහෙම ලියලා තැපැල් කරන්න පුළුවන්ද?
මගේ දමිල මිතුරා ඇසු ප්‍රශ්ණයෙන් මම නිරුත්තර වුණා. ඇත්තටම ඒ වගේ ප්‍රශ්ණයක් ලංකාවේ තියෙන බව වත් මම දැන ගත්තේ ඒ වෙලේයි. Continue reading
මම නොදන්න බ්ලොග් කලාව
මම අන්වර් මනතුංග බ්ලොග් අඩවිය පටන් අරන් මාස කිහිපයයි. මේ වෙනකොට එයට ලැබෙන ප්‍රතිචාර ගැන ඇත්තේ නිහතමානී සතුටක්. මාව දිරිගැන්වු සහ විවේචනය කළ සැමට ප්‍රණාමය පලකරමි. ලියන එක කාලයක් තිස්සේ කළාට බ්ලොග් කරණයට නම් මම ආධුනිකයෙක්. එයට හේතුව බ්ලොග් එකක ලිවීමට බොහෝ කලක් පෙරුම් පිරුවත් හේතුව කාර්ය බහුලත්වය නිසා නොහැකි වීමයි. මේ පාර ලියන්නට ඉස්සෙල්ලා මම අනෙකුත් බ්ලොග් කලාපයන්හි සංචාරයක් කරා. නානාප්‍රකාර බ්ලොග් අඩවි හමුවුණා. සමහර ඒවායේ ගහල තිබුණා කොපි කිරීම සම්පුර්ණයෙන් තහනම් කියලා. ඉතිං මම හොඳට විපරම් කරලා බැලුවා කොපි කරන්න මොනවද තියෙන්නේ කියලා. ඒ එක බ්ලොග් අඩවියකවත් ගන්න කියලා දෙයක් තිබුණේ නැහැ. සමහර විට ඒගොල්ලන් තමන්ගේ බ්ලොග් එකට අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගන්න එහෙම ලිවුවා වෙන්න පුළුවන්. Continue reading
ඔවුන්ට තම්බියා කියන ඔබ නානද?
අද බොහෝ දෙනෙක් මුස්ලිම්වරුන්ට උපහාසයට තම්බියා කියනවා. ඇත්තටම තම්බි කියන්නේ උපහාසාත්මක වචනයක් නොවේ. අතීතයේ එම නාමය භාවිතා කළේ සහෝදරත්වය පිළිබිඹු කිරීමටයි. තම්බි යන දෙමළ වචනයෙහි සිංහල අරුත මල්ලි යනුයි. අතීතයේ අපේ ගම් වලට වෙලඳාම පිණිස පැමිණි යවනයින් හෙවත් යෝනකයන් භාවිතා කළ බස දෙමළ නිසා අපේ සිංහල මුතුන්මිත්තන් ඔවුන්ව ද්‍රවිඩ බසින්ම ආමන්ත්‍රණය කළේ තම්බි (මල්ලි) හෝ නානා (අයියා) යනුවෙනි. තමන්ට වඩා බාල කෙනෙකු නම් තම්බි යනුවෙන්ද තමන්ට වඩා වැඩිමහල් නම් නානා යනුවෙන්ද ආමන්ත්‍රණය කරන ලද්දේ සහෝදර කමටය. එවිට මුස්ලිම් වෙලඳුන්ද තමන්ට වඩා බාල සිංහල වැසියන්ට තම්බි යනුවෙන්ද තමන්ට වඩා වැඩිමහල් අයට නානා යනුවෙන්ද පවසා ඇත. Continue reading
ගඩාෆි සහ අපි
ගඩාෆි සහ අපි
පසුගියදා ලිබියාවේදී මියගිය හතලිස් දෙවසරක් එම රට පාලනය කළ නායකයා වන කර්නල් මුවම්මර් ගඩාෆි ගැන කුඩා සටහනක් තැබීමට මට සිතුනි. මන්ද ඔහුගේ ජීවිතය තුලින් අපට ලබාගත හැකි ආදර්ශයන් බොහෝය.
සිංහලයේ ප්‍රභවය
සිංහලයේ ප්‍රභවය
පුංචි කාලයේ අසා තිබුණේ සිංහල අපගේ ආරම්භය විජය කුමාරයාගේ ආගමනයෙන් පසුව බවයි. එදා සිංහබාහු කථාව කියවන විට එහි කථා රසය ඉතාමත් ඉහලින් තිබුණද එය සත්‍යයක් නොවන බව පරිණත වයසට පැමිණි කල පසක් විය. මගේ අදහස නම් මෙම සංකල්පය පතුරවා ඇත්තේ සිංහල අපගේ අතීතය වලදමන්නට අවශ්‍යතාවය තිබුණු කෙනෙකුගෙන් විය හැකි බවයි. Continue reading
රට යන්නට පෙර හිතා බලන්න
රට යන්නට පෙර හිතා බලන්න
ආගමික දේශණ වලට ලැබුණු ආරාධනා මත මා බොහෝ විට මැදපෙරදිග රටවල සංචාරය කර ඇත්තෙමි. ඉඩ ප්‍රස්තාවක් බලන සෑම විටම මා එහි සිටින අපගේ සිංහල සහෝදරවරු සිටින සේවා කඳවුරු බැලීමට යමි. ඇත්තෙන්ම පිටරටවල සේවය කරන ඔවුන්ගේ මුදල් අප රට වෙත නොඑන්නට අපට රටක් ලෙස බොහෝ දේවල් නොකල හැකි තත්වයකට පත්වනු නියතය. අප ඔවුන් කරන සේවය අගය කළ යුතුය. Continue reading















