Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මුස්ලිම් කාන්තා හැඳුණුම්පත ගැන නොදන්නා දේ කථා කරන හිවල් හඬ

හිජාබය

හිජාබය

මුස්ලිම් කාන්තාවගේ හැඳුණුම්පත දඩමීමා කරගෙන මේ වන විට හිවල් හඬ නැවතත් ජනතාව මුලා කරමින් සිටිති. මුස්ලිම් කාන්තාවන්ට සිය හැඳුණුම්පතෙහි ඡායාරූපය හිජාබ් වස්ත්‍රය සමග පල කිරීමට රජය අවසර දුන්‍නේ පසුගිය වසරේදීය. මෙහිදී හිජාබ් යන්නෙහි මානයන් නොහඳුනන හිවල් හඬ කරන්නේ ඒ ගැන ජනතාව අතර එම නීතිය කෙරෙහි වැරදි අර්ථ කථනයක් ඇති කිරීමටයි. Continue reading

අන්වර් මනතුංගට වීර පුරන් අප්පුගෙන් පිළිතුරු ලිපියක්!!!???

වීර පුරන්අප්පු විරුවා

වීර පුරන්අප්පු විරුවා

මේ දිනවල අන්වර් මනතුංගට වීර පුරන් අප්පුගෙන් පිළිතුරු ලිපියක් යන මැයෙන් අන්තර්ජාලයේ විවිධ ආගම්බේධවාදී වෙබ් අඩවි වල පලවේ. අපගේ පාඨකයන් විසින් එහි පසුබිම කුමක්ද? සහ ඒ ගැන මගේ ස්ථාවරය කුමක්ද? යන්න දැන ගැනීම සඳහා මේ ලිපිය ලියමි. කෙසේ නමුත් ප්‍රතිපත්තියක් වශ‍යෙන් මා විසින් එවැනි ලිපි වලට පිළිතුරු ලිවීම නොකරන බව පලමුවෙන් කිව යුතුය.  Continue reading

මෙන්න! අරුම පුදුම හිවල් නිව්ස්!

හිවල් හඬ

හිවල් හඬ

අන්වර් මනතුංග මාස කිහිපයකට පෙර face book එකට ආවේ එහි ආගම්බේධවාදී හිවලුන් එහි රජකරමින් සිටින බව ආරංචි වු නිසයි. එහිදී අන්වර් මනතුංග බ්ලොගයේ දැවැන්ත පහර වලට හසුවු සමහර හිවල් අඩවි තම වැඩ ටිකක් අඩු කරගෙන. ඒත් හිවල් හඬ නම් තවම නවත්වා නැහැ. මොකද සුකරයාට අසුචි කනවා හැර වෙන Job එකක් නැත්තාසේ මේ හිවලාටද අනුන්ගේ මගුල් ඇදගෙන නානවා හැර වෙන මොනවා කොරන්නද?   Continue reading

අල්-කායිදා “මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි” පුවත සත්‍යයක්ද?

ජිහාද් විකට ඇදුම

ජිහාද් විකට ඇදුම

මේ දිනවල face book හිවල් හඬ විසින් තවත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. ඒ කිසියම් කාන්තාවක් කුඩා දරුවෙක්ට මරාගෙන මැරෙන බෝම්බයක් පලඳන ආකාරයේ එකකි. ඔවුන් මේ ඡායාරූපය සහ පුවත උපුටා ගෙන තිබෙන්නේ ලංකා චී නිවුස් වෙබ් අඩවියෙනි. එහි මාතෘකාව වශයෙන් සටහන්ව තිබුණේ මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි යනුවෙනි. මෙම ලිපිය ඒ පුවත සහ ඡායාරූපය සම්බන්ධවයි. Continue reading

අරාබි අය කොහොම කෑවත් අපිට ‍මොකෝ? හිවල් හඬට පිළිතුරක්

එක පතෙහි කෑම

එක පතෙහි කෑම

මේ දවස් වල face book එකේ අරාබි වරුන් කෑම කන දර්ශනයක් සහිත පිංතුරයක් ප්‍රචාරය වෙනවා. මේකත් Internet පාළුවෙක්ගේ වැඩක්. මම ඉන්ටර්නෙට් පාළුවන් ගැන ලියු ලිපිය බලන්න මේ Link එක ඔබන්න. (http://www.anvermanatunga.com/2012/05/29/internet/) මම නම් මේ වගේ කුණු කන්දල් ගැන ලියන්නත් කැමති නැහැ. බොහෝ දෙනෙක් මේ Link එක දාලා මගේ ලිපි වලට Comment වශයෙන් එවන්නේ ඔවුන්ට මුස්ලිම් වරුන් සමග තියෙන තරහ සමනය කරගන්න බව මම දන්නවා. නමුත් මට Comment එවලා ඒ වෛරය පිරිමහගන්න බැරි බව මම ඔවුන්ට පවසමි. Continue reading