බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් සෞදි අරාබියෙහි මක්කාහ් නුවර තිබෙන බවට මතවාදයක් තිබෙන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටයි. බෞද්ධ සමාජය තුල මේ ගැන විවිධ මත පලවුවද මුස්ලිම් සමාජය තුලින් එයට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණේ මුස්ලිම් වරුන් අතර සිංහල මාධ්‍ය භාවිතය අඩු නිසයි. ඇත්තටම මක්කාහ් වේ සිරිපතුලක් තිබෙනවාද? එය බුදුරජාණන් වහන්සේගේද යන්න විමසා බලන්නට මෙම ලිපිය ලියමි.
