Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුව විමසුමක්!

ඕමල්පෙ සෝභිත හිමි

ඕමල්පෙ සෝභිත හිමි

2013 මැයි මස 8 වැනි බදාදා  “ලංකාදීප” පුවත් පතේ 17 වැනි පිටුවේ “නීතිය හමුවේ සියලු දෙනා එක සමානයි” යන මාතෘකාව යටතේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එහි සභාපති ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඉදිරිපත් කරණ ලද කරුණු පිළිබඳව අපගේ වැටහීම අනුව එහි සාරාංශය පහතින් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. Continue reading

ජාතියක උරුමය සොයනු/රකිනු වෙනුවට අනුන්ගේ රෙද්දවල් සොයන කරුමක්කාරයෝ!

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

හෙළයාගේ උරුමය රකින්නට පාර්ලිමේන්තුවට වැඩි ස්වාමින් වහන්සේලා දැන් උරුමය සොයනු/රකිනු වෙනුවට රටේ සිටින සුළුතර ආගමිකයන්ට කරුමයක් වෙලා තිබෙන බව පැහැදිලිවම පෙනීයන කරුණකි. “යකෝ උරුමය හොයනවා කියන්නේ අනුන්ගේ ජාතියක රෙද්දවල් හොයන එක නෙමෙයි. ඉස්සෙල්ලා ජාතියට වෙලා තියෙන සංගෙදිය හොයා බලාපල්ලා” යැයි මොවුන්ට කියාදීමට තරම් කෙනෙකු නොමැති බවද පැහැදිලිවම පෙනීයන කරුණකි. Continue reading

ඇඟට හිරට කොටට ඇඳල ලෙඩ දාගන්නේ කුමටද? මේ ඇඳුම අපට සැනසිල්ලක්!

හිජාබ්

හිජාබ්

මුස්‌ලිම්වරුන්ගේ ජීවිතවල බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු ආකාරය, අඳින පළඳින හැටි තීරණය කරන්නේද ඉස්‌ලාම් දහමට අනුකූලවය. එහෙත් මුළු සර්වාංගයම වසාගෙන සිටින මුස්‌ලිම් කාන්තාවන්ගේ ඇඳුම සමාජයේ විවිධ කතාබහට තුඩු දී තිබෙන විලාසිතාවකි. එහෙයින් මුස්‌ලිම් කාන්තාවගේ ඇඳුම් විලාසිතාව ගැන අපි මුස්‌ලිම් කාන්තාවන් කිහිප දෙනකුගෙන් මත විමසුවෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඔවුන්ගේ අදහස්‌ය. Continue reading

ඉස්ලාමිය කාන්තාවන්ගේ වස්ත්‍රය හා ලාංකික කාන්තාවන්ගේ වස්ත්‍රය

නිකාබය

නිකාබය

ඈත අතිතයේ පටන් බෞද්ධයන් හා ඉස්ලාමිකයන් අතර මිත්‍රත්වයක් හා ‍සහෝදරත්වයක්ද සහඡිවනත්වයක්ද පැවතිනි. අවාසනාවකට මෑතක සිට ඇතැම් ඡාතිවාදි හා ආගමිවාදි කණ්ඩායම්  රටෙහි සහඡිවනය හා අන්‍ය ආගමික සහෝදරත්වයද බිඳලමින් ඡාතින් අතර ගැටුමක් ඇති කිරීමට මුලපුරා ඇත. හලාල් භීතිකාව යනු එහි එක් අංගයකි. එයින් නොනවතින ඔවුන් දැන් ඉස්ලාමිය කාන්තාවන්ගේ වස්ත්‍රයටද (ඇඳුමටද) විරුද්ධ වීමට මුලපුරා ඇත. Continue reading

බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප්‍රහාරයන් ඉහළ නංවයි

ඩීබීඑස් ජෙයරාජ්

ඩීබීඑස් ජෙයරාජ්

මුළු සිරුර ම වැසෙන සේ “අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම් ප‍්‍රජාවේ සාකච්ඡාවල දී මේ ප‍්‍රශ්නය අවධානාත්මක සැලකිල්ලට බඳුන් වී ඇති අතර, විවිධ මාධ්‍ය උපක‍්‍රමයන් ඔස්සේ ගෙනයන අදහස් හුවමාරු අතරේ ද ප‍්‍රකට ව ප‍්‍රචාරය කැරෙයි. Continue reading

ගලවන්නට වෙර දරන මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය දැන් සමහරුන්ට හීනෙන්ද පෙනෙන්නට පටන් ගෙන තිබේ. මෙතුවක් කල් මනෝ තෘප්තිය ලැබුවේ විවර කර ගෙන යන තමන්ගේම අක්ක නංගි අම්ම දෙස බලාය. හැමදාමත් දකින කුකුලාගේ කරමල සුදු පාටයිලු. ඒ නිසාම දැන් දැන් එකී මනෝ තෘප්තිය තෘප්තියක් නොවන නිසාම වසාගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ කාන්තා වස්ත්‍රය විවර කර මනෝ තෘප්තිය ලබන්නට පුල පුලා බලා සිටින මනෝ විකෘතිතාවයෙන් පෙලෙන උන් වැඩට බැස තිබේ. Continue reading

බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසවීම- (-අවරදිග ආවර්ජනා. රාවය. 2013.03.16) Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ

ගාමිණි වියන්ගොඩ

ගාමිණි වියන්ගොඩ

බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප‍්‍රකාශයකට දෙවැනි නැත. Continue reading

ආරක්ෂාවට තර්ජනයක් නොමැති ඇඳුම

හිජාබ්

හිජාබ්

නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන තුලින් පසුගිය සතියේ ඉතාමත් අපුරු වැඩසටහනක් විකාශනය කරන ලදී. එනම් එක්තරා ප්‍රදේශයක බුර්කාව ඇඳගත් හමුදාවෙන් පැන ආ පුද්ගලයෙකු බැංකුවක් කොල්ල කෑමට තැත් කල බවත් එසේම පාතාල නායකයන් ආරක්ෂක හමුදා ඇසින් සැඟවී පැන යාම සදහා මෙම ඇඳුම භාවිතා කර ඇති බවත් ඒ අනුව වහාම මෙම බුර්කා ඇඳුම ලංකාවට තර්ජනයක් බැවින් තහනම් කිරීමට පියවර ගත යුතු බවත් ඔවුන් පවසන ලදී. Continue reading

මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් !!! (2 කොටස)

ඉස්ලාම් භීතිකාව

ඉස්ලාම් භීතිකාව

මෙයට කළකට පෙර මුස්ලිම් කාන්තාව තම ශරීරය වැසෙන්නට ඇඳුම් අඳින විට මුස්ලිම් විරෝධී පාර්ශවයෙන් නැගුනු චෝදනාව නම් පිරිමින්ගේ බලකිරීම මත ස්ත්‍රීන්ට මෙවැන්නක් කරන්නට සිදුවී ඇති බවය. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන කාන්තා සංවිධානද ඔවුන් සමග අත්වැල් බැඳ ගත්හ. මෙහි සැඟවුණු අර්ථය නම් කාන්තා අයිතිවාසිකම් ලෙස ඔවුන් දුටුවේ ස්ත්‍රිය නග්නව හෝ අර්ධ නග්න භාවයෙන් සිටීම බව නොරහසකි. Continue reading

අන්තවාදීන්ගේ අළුත්ම උපක්‍රමය; චීවරයට මුවාවී බණ බෝම්බ ගැසීම

බණ බෝම්බ

බණ බෝම්බ

සිංහල රාවය සහ බොදු බල සේනා ඇතුළු ජාතිවාදී කල්ලි විසින් ගෙනගිය අන්තවාදී රැල්ලෙහි අඩුබවක් පිටතින් පෙනුනද එය ප්‍රාදේශීයව දැවැන්ත ලෙස පැතිරෙන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා අපට මෙම ක්‍රියාකාරකම්ද හෙළිදරව් කිරීමද අත්‍යවශ්‍යය. ඔවුන්ගේ අළුත්ම උපක්‍රමය නම් ජාතිවාදී චීවරධාරීන් යොදා බණ තුලින් අන්තවාදය පැතිරවීමයි. මෙම ලිපිය ඒ උපක්‍රම ජනතාවට හෙළිකරන පලමු ලිපිය වේ. Continue reading

කාන්තා වස්ත්‍රය (ඇඳුම) පිලිබඳ විමසුමක්.

කාන්තා වස්ත්‍රය

කාන්තා වස්ත්‍රය

වස්ත්‍රය හෙවත් ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්විය හැකිය යන්න සත්‍යයකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම්  දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි? පිරිමියෙකුට මෙම දෙදෙනා දෙස බලන්නට සිදුවුවහොත් ඔහුගේ සිතේ ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීම්ද? Continue reading

මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයැයි කියාපල්ලා! ලිපිය විමසුමක්!

රෝහිත මහතා

රෝහිත මහතා

ප්‍රංශයේ සිටින ශ්‍රි ලාංකික විප්‍රවාසියෙකු වෙන රෝහිත මුණසිංහ නැමැත්තා විසින් ඉහත ප්‍රස්තූතය යටතේ ලියන ලද ලිපියක් මගේ අවධානයට ලක්විය. ඒ ලිපියෙන් ඔහු අපෙන් ඉල්ලන්නේ තමන්ට “ජාතිවාදියෙකු” ලෙස අමතන ලෙසට නමුදු මේ ලිපියට අනුව සාධාරණ වන්නේ “ජාතිවාදියා” යැයි පැවසීම නොව  88-89 යුගයේදී රට විනාශ කර ප්‍රංශයට පැන දැන් නැවතත් රටේ ගිනි අවුළුවන්නට තනන “අවස්ථාවාදියෙකු” ලෙස නම් කිරීම බව මගේ අදහසයි.  Continue reading

මුස්ලිම් කාන්තාවට හිජාබය වදයක්ද?

හිජාබය

හිජාබය

“අර බලන්නකෝ! අනේ මන්දන්නෑ! මේ අව්රස්නේ කොහොම ඇඳලා ඉන්නවද? කියලා!” මේ දිනක් මට ඇසෙන්නට බස් නැවතුම්පොලකදී කාන්තාවක විසින් තවත් කාන්තාවක් සමග පැවසු වදනකි. ඇත්තටම ඇය සිතා සිටින්නේ ඔවුන්ට තිබෙන ග්‍රීස්මය අපටද ඇත කියායි. Continue reading

මුස්ලිම් කාන්තා හැඳුණුම්පත ගැන නොදන්නා දේ කථා කරන හිවල් හඬ

හිජාබය

හිජාබය

මුස්ලිම් කාන්තාවගේ හැඳුණුම්පත දඩමීමා කරගෙන මේ වන විට හිවල් හඬ නැවතත් ජනතාව මුලා කරමින් සිටිති. මුස්ලිම් කාන්තාවන්ට සිය හැඳුණුම්පතෙහි ඡායාරූපය හිජාබ් වස්ත්‍රය සමග පල කිරීමට රජය අවසර දුන්‍නේ පසුගිය වසරේදීය. මෙහිදී හිජාබ් යන්නෙහි මානයන් නොහඳුනන හිවල් හඬ කරන්නේ ඒ ගැන ජනතාව අතර එම නීතිය කෙරෙහි වැරදි අර්ථ කථනයක් ඇති කිරීමටයි. Continue reading

ලංඩන් ඔලිම්පික් අතරතුර ස්ත්‍රීවාදීන් විසින් ෂරියාවට එරෙහිව රෙදි ගලවා ගැනීම

ලංඩන් ඔලිම්පික්

ලංඩන් ඔලිම්පික්

මේ දවස් වල ලංඩන් ඔලිම්පික් උළෙල අස්සේ බළලුන් ලවා කොස් ඇට බාගන්නට තනන අයත් වැඩි වෙලා. ලංඩන් නගරයේ ස්ත්‍රීවාදීන් Feminists විසින් ෂරියාවට එරෙහිව උද්ඝෝෂනයක් කරන්නෙත් ඒ නිසයි. එයට ප්‍රධානතම හේතුව වුනේ ඔලිම්පික් කමිටුව විසින් සවුදි අරාබියේ ජුඩෝ ක්‍රීඩිකාවක වන වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි Wojdan Ali Seraj Abdulrahim Shaherkani ට හිජා‍බ් සහිතව ජුඩෝ ක්‍රීඩාවේ යෙදීමට අවසර දීමයි. ඒ ගැන බලන්න මේ යොමුව තුලින් http://english.alarabiya.net/articles/2012/07/31/229440.html Continue reading

නංගියේ උඹට ඔව්වා හොඳ පාඩම්

ෆර්දාව ගලවා ඇතුල් වන්න

ෆර්දාව ගලවා ඇතුල් වන්න

මුස්ලිම් නංගියෙක් විසින් සිංහල භාෂාව ගැන වැඩිදුර හදාරන්න විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා. එයාලාට භාෂාවේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට බොහෝ මුලාශ්‍ර තිබෙන්නේ අනුරාධපුරය ආශ්‍රිතවයි. මේ නිසා සිංහල සිසු සිසුවියන් කන්ඩායමකට මැදිව මේ නංගිත් අනුරාධපුරයේ අධ්‍යාපනික ගවේෂනයකට ගිහිල්ලා. Continue reading

ප්‍රංශ ජනපතිවරණයෙන් ෆ්‍රැන්සියෝ හොලාන්ඩ්ට ජය

ප්‍රංශ නව ජනපති ෆ්‍රැන්සියෝ හොලාන්ඩ්

ප්‍රංශ නව ජනපති ෆ්‍රැන්සියෝ හොලාන්ඩ්

ඊයේ පැවති ප්‍රංශ ජනාධිපති වරණයේ දෙවන වටය අවසන් කරමින් ප්‍රංශ වමේ පක්ෂ අපේක්ෂක ෆ්‍රැන්සියෝ හොලාන්ඩ් බලයට පත් විය. අප බ්ලොග් අඩවියේ කලින් සඳහන් ලිපියේ පරිදි දෙවන වටය ආරම්භයේ පටන් හොලාන්ඩ් ඉදිරියෙන් සිටින ලදී. නමුත් ඔහු වමේ අපේක්ෂකයෙක් නිසා දක්ෂිනාංශකයන් විශ්වාස කළේ ජනතාව විසින් නැවත සර්කෝසිම පත් කරනු ඇති බවයි. නමුත් 51% වැඩි බහුතරයක් ලබා ගනිමින් හොලාන්ඩ් ජයග්‍රහණය කර ඇත. Continue reading

මුස්ලිම් කාන්තාව ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විඳින චරිතයක්ද? KKK ට පිළිතුරු 3

හිජාබ් අයිතියක් නොවේද?

හිජාබ් අයිතියක් නොවේද?

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විදින චරිතයක් වශයෙන් යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි. Continue reading

මුස්ලිම් අපි ලොවට වදයක් නොව අපට වද දෙන අය ලොවට ඇණයකි

හෙළුව සහ වැස්ම

හෙළුව සහ වැස්ම

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන වෙල්ගම මුදළාලිගේ දිවයින පත්තරේ පසුගිය වසරේ 2011/08/28 දින මුස්ලිම් අපි ලෝකෙට වදයක්ද? (http://www.divaina.com/2011/08/28/nimna02.html) යන මාතෘකාවෙන් රෝහිත මුණසිංහ නැමැත්තෙක් ලිපියක් පලකර තිබුණා. එම ලිපිය පලවී මාස කිහිපයක් ගතවී ඇතත් නැවතත් එය අන්තර්ජාලයේ සංසරණය කරවන්නට අන්තවාදීන් කටයුතු කර තිබෙනවා. Continue reading