සාර කෙත් වතු පිස හමා එන ඒ සුළඟ සශ්‍රිකත්වයේ සුළඟයි. නෙක මල් ඵල අතර දැවටී දියවරෙහි සිහිලසද රැගෙන එන ඒ සුළඟ ඉහළ නිල් අහසේ වලාකුළු අතර ද දැවටෙයි. ඒ නිදහසේ සුළඟයි. හැටපස් වසරක් පුරා පොළොව පිස හමන නිදහසේ සුළඟයි. Continue reading
Tag Archives: හින්දු
එදා කොටි බදු ගැහුවා! අද හලාල් බදු ගහනවා! හෙළ උරුම ප්‍රකාශය ඔබේ විමසුමට
එල්.ටි.ටි.ඊ. නායක ප්‍රභාකරන් ආයුධ වලින් රට බෙදන්න තැත් කළාසේ ජමෙයිතුල්ලා උලමාවරුන්ගේ සංවිධානය හලාල් වලින් සමාජය බෙදීමට තැත් කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. මොවුන් මුළු රටේම සහ මුළු ලෝකයේම නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්‌ලාම්කරණය කරමින් සිටින බවත් අරාබි සංස්‌කෘතිය අප රටට ගෙන ඒම විශාල ගැටුමකට හේතුවක් වන බවත් හෙතෙම පැවැසීය. Continue reading
ඉස්සර එකම ප්‍රශ්නය ප්‍රභාකරන් සහ දෙමළ ජනතාව! දැන් මුස්ලිම්වරු!
ලංකාවේ දිනපතා ප්‍රවෘත්ති අනුව අඩුම තරමේ මිනිස් ඝාතන දහයක්වත් අසන්නට ලැබේ. එසේ ඝාතනය කරන සහ එයට වගකිව යුතු අයගෙන් බහුතරය සිංහල බෞද්ධයන් බව නොරහසකි. මෙමගින් මා අදහස් කරන්නේ ඔවුන් අපරාධ කිරීමට හේතුව බොදුනුවන් බව නොවේ. රටේ බහුතරය බෞද්ධ නිසා අපරාධ කරුවන්ගෙන් බහුතරය බෞද්ධ වීම සාමාන්‍ය තත්වයකි. Continue reading
ශ්‍රී පාදයද?, ආදම්ගේ පාදයද? නැත්නම් සිවනෝලි පාදම්ද? 1 වන කොටස
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹු මුල් අවස්ථාවේ එහි Main banner හෙවත් ප්‍රධාන රූපිත පටය කෙසේ විය යුතුදැයි මා එතරම් අවධානයක් දැක්වුයේ නැහැ. ඉන් මාස කිහිපයකට පසුව නැවත වෙනස්කම් කරන අවස්ථාවක මට එය කරදුන් සහෝදරයා විසින් මෙහි ප්‍රධාන රූපිත පටයට කුමණ ආකාරයේ ඡායාරූපයක් ගතයුතු දැයි ඇසුවා. මම සාමාන්‍යයෙන් කඳු වලට ආශාවක් දක්වන්නෙක් බැවින් කිසිත් නොසිතාම සමනොල කන්ද ගමු යැයි යෝජනා කළෙමි. නමුත් එහි බරපතල කම වැටහුනේ මාස කිහිපයකට පසුයි. Continue reading
අන්‍යාගම්කරණය වැලැක්විය හැක්කේ කෙසේද?
අන්‍යාගම්කරණය යනු ලොව සෑම දහමකටම තිබෙන ප්‍රශ්ණයකි. කිසියම් දහමකට එම ප්‍රශ්ණය නැහැ කියනවා නම් එය මිනිසුන් විසින් අදහන දහමක් නොවිය යුතුය. ලොව වැඩිම වර්ධන වේගය සහිත දහම ලෙස සලකන ඉස්ලාම් දහමටද මෙය පොදු ප්‍රශ්ණයකි. නිදසුන් වශයෙන් ලොව විශාලතම මුස්ලිම් රට වන ඉන්දුනීසියාව තුල මෑත කාලීණව ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් විශාල ලෙස මුදල් ආයෝජනය කරමින් අන්‍යාගම්කරණය සිදු කිරීම පෙන්වා දිය හැක. Continue reading
ආගම හැරලු පමණින් අසිංහල වේද?
වසර පන්දහසකටත් අධික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ ලංකා ද්වීපයෙහි ප්‍රධාන ජාතිය වශයෙන් සිටින සිංහලයන් වන අප ජාතියක් වශයෙන් භේද බින්න කරවන සහ මුළු මහත් ජාතියම වඳකරවන උගුලකට හසුවී සිටින්නෙමු. මේ පිළිබඳව ජාතියක් වශයෙන් වගකීමකින් කටයුතු නොකරනවා නම් අනාගතයේදී සිංහල කියා ජාතියක් ඉතුරු නොවනු ඇත. Continue reading
සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය
එරබදු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කියන්නාසේ එරබදු මල් පිපෙන කාලේ කොහාගේ හඬ ඇසෙන විට සිංහල අවුරුද්ද අත ලඟ බැව් අපට සිහිගන්වයි. ඒ සමගින්ම මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ ගයන ලයනල් රන්වලයන්ගේ හඬ සමග අනෙකුත් අවුරුදු ගීතයන් ගුවන් විදුලියෙන් ඇසන්නේ කොහාට නොදෙවෙනි අවුරුදු පණිවුඩයක් දෙමිනි. හැම මගුලක් ගැනම කථා කරන අන්වර් මනතුංග අවුරුද්ද ගැන කථා නොකලොත් එය අඩුවකි. ඒ නිසා මෙම ලිපියෙන් ලියවෙන්නේ අවුරුද්ද ගැනයි. Continue reading






