Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

බුදු දහමට අපහාස කරනවා! බලන්න එපා! ඒත් බලන්න ¿¿¿

අපහාස

අපහාස

“මෙන්න බුද්ධාගමට අපහාස කරනවා, මේ pages block කරන්න, යාළුවන්ටත් share කරන්න Block කරන්න කියලා”, “බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා. මුන්ට හෙණ ගහපිය, Share කරන්න” ලෙස සඳහන් කරමින් බුද්ධාගමට හා බුදුහාමුදුරුවන්ට ඉතා පහත් අන්දමින් අපහාස කරන Facebook Pages වලට හා වෙබ් පිටුවලට Links සඳහන් පින්තුර මේ දිනවල Facebook එකේ විශාල ලෙස share වෙමින් පවතී. බෞද්ධයන්ව බෞද්ධයන් ලවාම කුපිත කිරීමේ මෙම උපාය මාර්ගය පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පසුබිම මඳක් විග්‍රහ කිරීමට කැමැත්තෙමි. Continue reading

කල දුටු කළ වළ ඉහ ගන්නා වූ මොවුන් නියම බෞද්ධයෝද?

ෆේස් බුක්

ෆේස් බුක්

මුස්ලිම්වරුන්ට සහ ඉස්ලාම් ආගමට එරෙහිව ගෙතු සියළු බොරු, බොරුවට ආයුෂ නොමැති බව මොනවට ඔප්පු කරලමින් බොරු බවටම පත් වූ බව නැවතත් මතක් කර දිය යුතුව ඇත. ඒ සඳහා වූ මගේ මතකයේ ඇති ඔවුන් කළාවු බොරු කිහිපයක් සඳහන් කරන්නේ නම්: Continue reading

අවලං මාධ්‍ය භාවිතාව සහ මලවුන්ටත් අපහාස කරන ෆේස්බුක් ධර්ම ප්‍රචාරකයෝ!

අන්තවාදය

අන්තවාදය

පසුගිය දිනවල එක්තරා සංවේදී වීඩියෝ දසුනක් මාධ්‍ය තුලින් අපට දැකගන්නට ලැබුණා. එනම් මීගමුව ප්‍රදේශයේ කාන්තාවක ටිපර් රථයක් විසින් යටකරගෙන ගොස් තිබුණු අතර ඇයගේ දියණිය මියගිය කාන්තාවගේ හිස අතට ගෙන අඩමින් ඒ මේ අත දුවන දර්ශනයයි. එම වීඩියෝ දර්ශනය අන්තර්ජාලය තුල ඇත. මම එම යොමුව මෙහි නොදමන්නේ එය අවලං මාධ්‍ය භාවිතාවක් ලෙස මා සලකන බැවිනි. Continue reading

ආගම්බේධවාදීන්ට එරෙහිව අපේ පිළිවෙත විය යුත්තේ කුමක්ද?

අන්තවාදයට එරෙහි

අන්තවාදයට එරෙහි

ආගම්බේධවාදීන් විසින් අන්තර්ජාලය තුල කරන්නාවු හොරිකඩ සහ මඩ පිළිවෙත අනුකරණය කරමින් දැන් ‍අපේ කිහිප දෙනෙක්ද එසේ කරන බව අපට පෙනෙන්නට තිබේ. මේ ලිපිය ලියන්නට අදහස් කළේ ඔවුන්ට සත්‍ය වටහා දීමටයි. පලමුව වටහා ගත යුතු කරුණක් නම් බල්ලන් අපව සපා කෑවද අපට බල්ලන් සපා කන්නට නොහැකි බවයි. ඒ නිසා අප විසින් ශිෂ්ඨ අන්දමින් එයට පිළියමක් සෙවිය යුතුයි. Continue reading

මුස්ලිම් තොප්පි දාන පිරිමි සහ කාන්තාවන් ඔළුව වහන අළුත් බොදුනු නිකායක්???!!!

ව්‍යාජ

ව්‍යාජ

මේ දවස් වල බොදුනු සමාජය තුල විවිධාකාරයේ අළුත් අළුත් මතවාදයන් රැගත් නිකායන් බිහි වෙමින් පවතියි. ඒ නිකායන් වලින් මෑතක බිහිවී ඇති අළුත්ම නිකාය නම් මුස්ලිම් පුරුෂයන් මෙන් තොප්පි දමා ගත් පුරුෂයන් සහ මුස්ලිම් කාන්තාවන් මෙන් හිස වසාගත් කාන්තාවන් සිටින බොදුනු නිකායකි. මේ නිකාය පැතිරවීමේ කොන්තරාත්තුව දරා සිටින්නේ “තම්බි අසිපතට එරෙහි සිංහ අසිපත” නම් තවත් මුණුපොත් ගිණුම් හිමි සිඟාලයෙකි. ඒ සිඟාලයා විසින් මූණු පොතේ ඡායාරූපයක් පලකර ඇත. Continue reading

ව්‍යාජ නම් (Fake name) වලින් අපහාස කරන්නේ කොන්දක් නැති නිසාද?

ව්‍යාජ නාම

ව්‍යාජ නාම

ආගම්බේධවාදී කැණහිළුන් විසින් විවිධාකාරයේ අසත්‍ය ප්‍රචාර ගෙනෙමින් මා යන ගමන නවතන්නට උත්සාහ දැරූමුත් ඒ සියල්ල ව්‍යර්ථ විය. දැන් ඔවුන්ගේ ඊලඟ ඉලක්කය මගේ නමට සමාන ආකාරයෙන් ව්‍යාජ නම් (Fake  name) සාදාගෙන ඉන් මා ලියන දේ වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් බංකොලොත් බව ප්‍රකාශ කරන මේ ක්‍රියාවලියද නවතින්නේ පරාජයකින් බව ඉඳුරාම පැවසිය හැක්කේ සත්‍ය කෙදිනක හෝ ජයගන්නා නිසාය. Continue reading

නවක බොදුනුවන්‍ දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව

පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා

පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා

දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි. Continue reading

ෆේස් බුක් හි පලවන මට විරුද්ධ අසත්‍ය ප්‍රචාර සම්බන්ධව

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

ලංකාව තුල ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රචාර දියත් වීම අතීතයේ බටහිර පාලකයන් මෙරට පාලනය කළ කාලයේ පටන් සිදුවිය. එහෙත් එය විශාල වශයෙන් වැඩි වුයේ අන්තර්ජාල භාවිතයත් සමගය. ‍ෆේස් බුක් භාවිතාව ආරම්භ වීමත් සමග ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම අතිශයින් තියුණු තත්වයකට පත් විය. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ මේ මඩ ප්‍රචාරයන්ගේ සැබෑ නිරුවත එළිදැක්වීමටයි. Continue reading

ෆේස් බුක්හි පලවුන මගේ ඡායාරූපය සම්බන්ධව

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

ෆේස්බුක් හි පලවු මගේ ඡායාරූපය සම්බන්ධව අන්තර්ජාලය තුල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වනවා දුටිමි. ඒ නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. එහිදී මා විසින් කිසිදු දහමකට අපහාස කරන අරමුණකින් එය නොකලෙමි. එය වුයේ කෙසේදැයි පහත දක්වමි. කෙසේ නමුදු මා විසින් එම ඡායාරූපය ඉවත් කලෙමි. ඒ අනවශ්‍ය ප්‍රශනයක් දමා ගැනීමට මා තුල ඇති නොකැමැත්ත නිසාය. Continue reading

හරක් මස් ගැන ඇත්ත කථාව පට්ටපල් බොරුවක්ද?

සත්‍ය සොයමු

සත්‍ය සොයමු

Dharma jala නම් කෙනෙක් විසින් මූණු පොතේ දමා තිබුණු පිංතුරයක හරක් මස් ගැන ඇත්ත කථාවක් යනුවෙන් සටහනක් තිබුණා. ඇත්තටම හරක් මස් ගැන දැන් අපි ඕනෑවටත් වඩා කථා කරලා ඉවරයි. එයට එරෙහිව තිබුණු සියළුම තර්ක බිඳලත් අවසානයි. නමුත් මේ සටහන තුල ජනතාව නොමග යැවීමක් පෙනෙන්නට තිබුණු බැවින් එයට පිළිතුරු දෙන්නට සිතුවෙමි. ඔබට දැක ගැනීමට එම පිංතුරය පහත දක්වමි. Continue reading

අල්-කුර්ආනය සතුන් මරන්න කියා, පවසා තිබෙන්නේ රත්වු තැටියක් උඩ සිටද?

ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය

ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය

තරුකේ ඇලෙක්සි නම්වු අන්තර්ජාල ආගම් බේධවාදියා විසින් මූණු පොතේ පිංතූරයකට ප්‍රතිචාරයක් දමා තිබුණා. මෙයාගේ Talk එක දිහා බලන මුස්ලිම් නොවන කෙනෙකුට හිතෙන්නේ මෙයා ඉස්ලාම් ධර්ම චක්‍රවර්තී කෙනෙක් වගෙයි. තමන් දන්නෙත් නැති මගුල් පන්ඩිතයන් වගේ කියන මේ වගේ අයගෙන් සමාජයට යහපතක් සිදුවේද? එම face book ප්‍රතිචාරය පහත දක්වා ඇත.   Continue reading

අරාබි අය කොහොම කෑවත් අපිට ‍මොකෝ? හිවල් හඬට පිළිතුරක්

එක පතෙහි කෑම

එක පතෙහි කෑම

මේ දවස් වල face book එකේ අරාබි වරුන් කෑම කන දර්ශනයක් සහිත පිංතුරයක් ප්‍රචාරය වෙනවා. මේකත් Internet පාළුවෙක්ගේ වැඩක්. මම ඉන්ටර්නෙට් පාළුවන් ගැන ලියු ලිපිය බලන්න මේ Link එක ඔබන්න. (http://www.anvermanatunga.com/2012/05/29/internet/) මම නම් මේ වගේ කුණු කන්දල් ගැන ලියන්නත් කැමති නැහැ. බොහෝ දෙනෙක් මේ Link එක දාලා මගේ ලිපි වලට Comment වශයෙන් එවන්නේ ඔවුන්ට මුස්ලිම් වරුන් සමග තියෙන තරහ සමනය කරගන්න බව මම දන්නවා. නමුත් මට Comment එවලා ඒ වෛරය පිරිමහගන්න බැරි බව මම ඔවුන්ට පවසමි. Continue reading

කරන්න වැඩක් නැති ඉන්ටර්නෙට් පාළුවෝ

අන්තර්ජාලය

අන්තර්ජාලය

සමහරු Internet එකේ නිදියගෙන ඉන්නවද මන්දා. හැම තිස්සෙම Chat හෝ Comment කරගත්තු ගමන්. මේකත් එක්තරා මානසික ව්‍යාධියක්. නමුත් බේත් ගන්න තවම Dispensary යක් ලෝකේ කොහේවත් හදලා නැහැ. මම හිතන්නේ මේ Dispensary ය හදන්න ඕනත් Internet එක ඇතුලෙමයි. නැත්නම් එලියේ හැදුවොත් මුන් එකෙක්වත් බෙහෙත් ගන්න යන එකකුත් නැහැ. ඇයි එලියේ යන්න වෙලාවක් නැහැනේ? පිස්සො අල්ලලා පිස්සන් කොටුවට දාන හෝ පිස්සු බල්ලන් අල්ලලා බලු වෑන් වලට දානවා වගේ වැඩක් Internet එකෙත් පටන් ගත්ත නම් ඊටත් වඩා හොඳයි.   Continue reading